32 C
Colombo
Tuesday, February 18, 2025

රනිල් එක්ක උගන්ඩාවට ගිය විමල්,සජිත්,ඩලස්ගේ සෙට් එක

- Advertisement -

උගන්ඩාවේ කම්පාලා හි දී පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ පසුගිය සිකුරාදා (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූ බවට වාර්තා වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා (Cyril Ramaphosa) අතර හමුව සඳහා එක් කැබිනට් අමාත්‍යවරයෙක්, එක් රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ විපක්ෂ මන්ත්‍රීවරු හතර දෙනෙකු එක්ව සිටි බව අනාවරණය වෙනවා.

එම සාකච්ඡාවට විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කිංග්ස් නෙල්සන්, නිමල් පියතිස්ස, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන යන අය එක්ව සිටි බව සඳහන්.

කිංස් නෙල්සන් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයායි.

නිමල් පියතිස්ස මන්ත්‍රීවරයා පොහොට්ටුව නියෝජන කරමින් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පත්වූ මන්ත්‍රීවරයෙකු වන අතර ඔහු විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්වරයාද වනවා.

මොනරාගල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් වන කුමාරසිරි රත්නායක මන්ත්‍රීවරයාද උගන්ඩාවට ගිය පිරිස අතර වනවා.

කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු වන උදයකාන්ත ගුණතිලක පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර පසුගිය වසරේ ජූලි 10 වෙනිදා ආණ්ඩු පක්ෂයෙන් ඉවත් ව තිබුණේ ‘හෘදය සාක්ෂියේ දහදෙනාගේ කණ්ඩායම’ ලෙස නිවේදනයක් නිකුත් කරමින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමේ පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට සහය දෙමින්.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES