27 C
Colombo
Friday, March 29, 2024

රජය ඉල්ලා අස්වීම එකම විකල්පයයි – සජිත්

- Advertisement -

වත්මන් රජයට රට ගොඩනැගීමේ කිසිදු හැකියාවක් හෝ සමත්කමක් නැති බව අවංකව පිළිගෙන ඉල්ලා අස්වීම හැර  වෙනත් විකල්පයක් නොමැති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

තවදුරටත් රටත් ජනතාවත් පීඩාවට පත් නොකොට රට ගොඩනැගීමට හැකි කණ්ඩායමකට ආණ්ඩුව භාරදී ඉවත්ව යාම මේ මොහොතේ ගත යුතු සුදුසුම ක්රියාමාර්ගය බවයි එම් නිවේදනයේ දැක්වෙන්නේ.

අදාල නිවේදනය පහතින්,

  “ජාතික ආරක්ෂාව  පිළිබඳව පුරසාරම් දොඩමින් බලය ලබාගත් ආණ්ඩුව, සෞඛ්‍යාරක්ෂිතව  ගෑස් සිලින්ඩරයක් වත් ජනතාවට ලබාදීමට නොහැකි තැනට රට පත් කොට ඇති අතර මේ ආණ්ඩුව විසින් රටේ ජන ජීවිත තුට්ටුවකට දමා ඇති තරම එයින්ම වටහා ගත හැකිය.

ගනු ලැබූ අන්තනෝමතික තීන්දු හේතුකොටගෙන මේ රටේ සමස්ත කෘෂිකර්මාන්තය බරපතල අගාධයකට තල්ලු වී ඇති අතර  හිතාමතාම ආණ්ඩුව සාගතයට අත වනා තිබේ.

සියලු රාජ්‍ය සේවකයින් ද,පෞද්ගලික අංශයේ සේවකයින් ද , දෛනික කුලී කම්කරුවන් ද ඇතුළු සමස්ත ජන පරපුර අන්ත අසරණ අඩියකට ඇද දැමූ අභාග්‍යසම්පන්න යුගයක් වර්තමාන ආණ්ඩුව විසින් රටට ඉතිරි කොට තිබේ.

මේ වන විටත් රට පුරා පෝලිම් යුගයක් නිර්මාණය වී ඇති අතර අනෙක් පසින් කොරෝනා මරණ දාහතරදහසද ඉක්මවා යන තැනට රට පත් කොට තිබේ. අප මුල සිටම කරන ලද සියලු අනතුරු හැඟවීම් මායිම් නොකළ ආණ්ඩුව ඒ නිසාම අනතුර රට තුළට ගෙන්වාගෙන ඇත.

රටේ ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන ආණ්ඩුව සිය ගජ මිතුරන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නොවළහා පෙනී සිටින අතර සුළුතර කල්ලියක උවමනාව වෙනුවෙන් මුළු රටේම අනාගතය බිල්ලට දීමට කටයුතු කොට ඇත.

සිය බලව්‍යාපෘතිය උදෙසා උත්තරීතර පාර්ලිමේන්තුව පවා ප්‍රචණ්ඩත්වයේ  තෝතැන්නක් බවට පත්කරගනිමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කරන ෆැසිස්ට්වාදී පැවැත්ම පිළිකුල් සහගත ය.

මෙතරම් විනාශයක් රටේ සිදුවෙමින් තිබෙන අතර තවදුරටත් වර්තමාන ආණ්ඩුව කෙරෙහි අංශු මාත්‍රයක විශ්වාසයක් තබන්නට රටේ ජනතාව සූදානම් නැත.

RECENT ARTICLES - SINHALA

ඥානසාර හිමිට ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා. කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන්...

මුහුදුබඩ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(29) හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය විමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එන්.ජේ. ඉදිපොළගේ කියා සිටියේ බම්බලපිටිය...

මහ සිකුරාද දිනය අදයි, දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබනවා. අළු බදාදා දිනයෙන් ආරම්භ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...