33 C
Colombo
Friday, March 29, 2024

විමල් කණ්ඩායම ආණ්ඩුවේ බහුතරය නැති කරන සටනක් අරඹයි

- Advertisement -

අවලස්සන ඇමරිකානුවෙකු සමඟ මෙම ගමන යා නොහැකි බවත්  ‍රජයට ඇති 113ක බහුතරය අහිමි කර වත්මන් උද්ධච්ච පාලනය අහෝසි කරන බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ, ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 මගින් ඉදිරිපත් කළ රට හරිමගට ජාතික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහා  මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා,

“රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමට කිසිදු කැපකිරීමක් අපි කරන්නේ නැහැ.අපගේ මේ වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මාවත් ගම්මන්පිල ඇමැතිවරයාත් ආණ්ඩුවෙන් ඉවත් කෙරුණා.

අපේ පක්ෂ 11 මගින් ජනගත කළ වැඩපිළිවෙළ මහ නායක හිමිවරුන්ට අද පිළිගන්නවලා  ඉදිරි ගමන් මාර්ගය සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කළා. මේ ආණ්ඩුව රනිල් වික්‍රමසිංහ මහතාව පාවිච්චි කරනවද එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහතා පාවිච්චි වෙනවද කියල  අපි දන්නෙ නැහැ.

සර්ව සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්නේ හැමෝම එකතු වෙලා වැඩ කරන්නයි . හිටපු අගමැතිවරයකුට ඔයා කියලා කතා කරන්න තරම් උද්දච්ච මිනිහකු කියලා මෙතනදී මුදල් ඇමැතිවරයා පෙන්නුවා .

සර්ව පාක්ෂික සමුළුව දී ඔහුට ඕනෑ වුණේ ගැටුමක්. මොන රාජපක්ෂ කෙනෙක්වත් ආයේ මේ රටේ පාලන බලයට ගෙන එන්න උදව් කරන්න ජීවිතයට අපේ බලාපොරොත්තුවක් නෑ. කවුරුහරි එහෙම කියනවනම් අපේ ගමනට බය වෙලයි ඔවුන් එහෙම ප්‍රකාශ කරන්නේ.

මේ රට වෙනත් රටක කොලනියක් කරන්න හදනකන් බලාගෙන ඉන්න අපිට පුළුවන් කමක් නැහැ.සජිත් හදන්න ගිය සුරංගනා ලෝකෙට වඩා මේ හැදුනු සුරංගනා ලෝක භයානක කමෙන් අඩුයි .ඒක හැදුවා නම් මේ රට මෙහෙම වත් ඉතුරු වෙන්නේ නැහැ.”


RECENT ARTICLES - SINHALA

කෝටි 10ක රත්තරන් කේක් හැදූ ශ්‍රී ලාංකික තරුණයා

රත්තරං කේක් නිෂ්පාදනය කළ ලංකාවේ තරුණයෙක් පිළිබඳව පසුගිය දිනවල විදෙස් මාධ්‍යවල පවා කතාබහට ලක්වුණා.  ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනි ඌර්වශි රවුටෙලාගේ පෙබරවාරි 25 වැනිදාට යෙදී තිබුණු...

අපි විදේශ ගිවිසුම් වලට විරුද්ධ නෑ – විමල්ගේ පක්යෙන් අමුතු එළියක් (වීඩියෝ)

ජාතික නිදහස් පෙරමුණ විදේශ රටවල් සමඟ ඇති කරගන්නා ගිවිසුම් කිසිවකට විරුද්ධ නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක්...

ජනපති සටනට මමත් එනවා – පාඨලී

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...