31.7 C
Colombo
Friday, June 20, 2025

බාගෙට හදපු කෝච්චි පාර ඡන්දෙට විවෘත කරන්න හදලා

- Advertisement -

මහව සිට අනුරාධපුරය දක්වා නවීකරණය කරන ලද නව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු  ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අද (12)  ආරම්භ කිරීමට සූදානම් කර තිබුනද එය  අවලංගු කිරීමට දුම්රිය බලධාරීන් පියවර ගෙන තිබුණා.

මෙම නව දුම්රිය මාර්ගයේ අඹන්පොල ගැටදිවුල ප්‍රදේශයේ ඉදිවන වන අලි උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතුද නිසි පරිදි නිමකර නොමැති අතර මහව අනුරාධපුර අතර දුම්රිය ස්ථාන හතෙන් හයක ප්‍රතිසංස්කරණ කටයුතු පවා නිසිලෙස නිමකොට නොමැති බව සඳහන් වනවා.

මේ වනවිට තඹුත්තේගම දුම්රිය ස්ථානයේ ඉදිකිරිම් පමණක් නිම කර තිබෙන නමුත් විදුලි සංඥා පද්ධතිය ද නිසිපරිදි නිමකර නැහැ.

එසේ අඩුපාඩු රැසක් තිබිය දී මැතිවරණය ඉලක්ක කර ගනිමින් දුම්රිය ධාවන කටයුතු අද (12) දින ආරම්භ කිරීමටත් එයට සාපේක්ෂව උත්සවය අනුරාධපුරයේ දී පැවැත්වීමටත් සුදානම් කර තිබු බවයි පැවසෙන්නේ.

මෙහිදී වන අලි උමං මාර්ගය අසලින් දේශපාලඥයින්ට බැසීම සඳහා තාවකාලික වේදිකාවක් පවා ඉදිකිරීමට අවශ්‍ය සැරසිලි කටයුතු සිදු කිරිමට ද සැලසුම්කර තිබු බවට වාර්තා වනවා

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

POPULAR ARTICLES

පොදු සමාව යටතේ මනුෂ්‍ය ඝාතන සිරකරුවන් නිදහස් කරලා

මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ සිරකරුවන් ජනාධිපති පොදු  සමාව භාවිතා කර නිදහස් කර ඇති බවට අනාවරණ වී ඇතැයි වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත විරසූරිය මහතා පවසන බව...