32 C
Colombo
Saturday, April 20, 2024

ට්විටර් පණිවිඩ නිකුත් කරනවා හැර කිසිත් කරන්නට නොහැකිව අන්තවාදීන් හමුවේ අසරණ වූ රාජ්‍ය නායකයා

- Advertisement -

ප්‍රියන්ත කුමාර ගේ මරණය උණුසුම යන්නටත් මත්තෙන් පාකිස්තානයෙන් තවත් ඛේදජනක සිදුවීමක් වාර්තා වනවා.
ඒ මානසික රෝගී තරුණයකු හිත් හිත් පිත් නොමැතිව ඝාතනය කිරීමේ සිදුවීමක්.

පාකිස්ථානයේ පංච පළාතේ ආගමික ග්‍රන්ථයක් අපකීර්තියට පත් කළ බව පවසමින් මැර පිරිසක් විසින් පුද්ගලයකු ගල්ගසා මරා දමා තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයාගේ සිරුර ගසක එල්ලා ඇති අතර මෙම සිදුවීම පාකිස්තානයේ දැඩි ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා.

පසුගිය සෙනසුරාදා සවස පාකිස්තායේ ඛානේවාල් දිස්ත්‍රික්කයේ ජන්ගල් ඩෙරවාලා ගම්මානේ මෙම සිදුවීම සිදුව තිබෙනවා.

පුද්ගලයෙක් ශුද්ධ වූ කුරානෙ පිටු ඉරා දමා ඇති බවට චෝදනා කරමිනුයි මෙලෙස ඝාතනය කර ඇත්තේ.
පහර දීමට පෙර පොලිසිය එම ගමට පැමිණ ඇතත් මැර කණ්ඩායම මෙම ඝාතනය සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මැර පිරිස අදාළ පුද්ගලයා අල්ලා ගසක බැඳ ඇති අතර පසුව ඔහු මරා දමා ඇති බව සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කර තිබෙනවා.

පුද්ගලයන් දුන් සියයකට අධික පිරිසක් මෙම ස්ථානයට රැස්ව සිටි අතර එහිදී ඔවුන් මෙම පුද්ගලයාට ගල් ගසා මරා දමා තිබෙනවා .

පසුව ඔවුන් ඔහුගේ සිරුර ගසක එල්ලා තැබූ බවයි පොලිස් නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ .

මළ සිරුර ගසෙන් බිමට ගෙන ඒමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටද මැර පිරිස විසින් ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා තුවාල ලබා රෝහල් රෝහල් ගතකර තිබෙනවා .

“මම කවදාවත් කුරානය පුච්චලා නැහැ… මම අහිංසකයි කියලා ඔහු ඇඬුවා…. ඒත් කවුරුත් ඔහුට ඇහුම්කම් දුන්නේ නැහැ… ” යනුවෙන් මෙම සිද්ධිය සියැසින් දුටු අයෙක් ප්‍රකාශ කර ඇතැයි ද ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ම්ලේච්ඡ සිදුවීම සිදුවන විටත් පොලිස් නිලධාරීන් එම ස්ථානයේ රැස්ව සිට ඇති අතර ඔවුන් කිසිදු පියවරක් නොගත් බවත් සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් මෙම ඝාතනය සිදු කළ එම කල්ලියේ ප්‍රධාන සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය තහවුරු කළා.

එමෙන්ම විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ සිද්ධියට අදාළව මේවන විට සැකකරුවන් 60 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොඩි සියලු තුවාලකරු තම භාරයට ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වී තිබෙන්නේ අන්තවාදීන්න්ගේ ම්ලේච්ඡ හැසිරිම මධ්‍යයේයි.

අදාල අන්තවාදීන් ආගමික සටන් පාඨ කියමින් මෙම පුද්ගලයාට පහර දී ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර ගසෙන් බිමට ගෙන ඒමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් දෙදෙනාටද පහර දී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ය ඇත්තේය බරා චක් ගම්මානයේ පදිංචිව සිටි මුෂ්තාක් අහමඩ් නම් තරුණයෙක්.

පහර කෑමට ලක් වූ පුද්ගලයා මානසික අසහනයකින් පසුවන අයෙක් වන අතර දින කිහිපයක් නිවසෙන් බැහැරව සිටි බවට ගම්වාසීන් ප්‍රකාශ කර තිබෙනවා.

කුපිත වූ අන්තවාදීන් පිරිස එම පුද්ගලයාට වධහිංසා පමුණුවා ඔහුගේ සිරුර ගසක එල්ලා තබන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
එම වීඩියෝ දර්ශන වලට අනුව ඇතැමුන් ඔහුගේ සිරුර පුළුස්සා දැමීමට පවා උත්සාහ කර තිබෙන්නේ ප්‍රියන්ත කුමාර දියවඩන ගේ ම්ලේච්ඡ ඝාතන සිද්ධිය නැවතත් සිහිපත් කරමින්.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිස් තුන් දෙනෙකුට සහ තවත් පුද්ගලයන් 300 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර සාහසික අපරාධ සහ ත්‍රස්තවාදය යන චෝදනා ඔවුන්ට එල්ල වනවා.

පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ මෙම සිද්ධියට අදාළව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙසට බලධාරීන්ට නියෝග කර ඇති අතර නීතිය අතට ගැනීමට කිසිවකුට ඉඩ නොතබන බවයි.

සැකකරුවන් 60 දෙදෙනෙකු මේ වන මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉතිරි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අත්අඩංගුවේ පසු වන සැකකරුවන් අතර ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනා ද වනවා.
තවත් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය විසින් පොලිසිය විසින් වීඩියෝ දර්ශන මෙන්ම අධිකරණ වෛද්‍ය වාර්තා විශ්ලේෂණය සිදු කරනු ඇති.

අග්‍ර මාධ්‍ය ඉම්රාන් ඛාන් ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළකර තිබෙනවා.ඝාතනයට සම්බන්ධ වැරදිකරුවන්ට මෙන්ම රාජකාරිය පැහැර හරින පොලිස් නිලධාරීන්ට ද නීතිමය පියවර ගන්නා බවයි ඔහු අවධාරණය කළේ.

කිසිවෙකුට නීතිය අතට ගැනීමට අවස්ථාවක් නොමැති අතර සිද්ධියට අදාළව දැඩිව නීතිමය පියවර ගන්නා බව ඔහුට සටහනක් තබමින් ප්‍රකාශ කළා .

ඝාතනය සිදුකළ සිදුකළ අපරාධකරුවන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පංච වංචා පොලිස් ප්‍රධානියා ගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවද අගමැතිවරයා සඳහන් කර තිබෙනවා .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් උපදෙස් ලබා දුන් බව ද ඔහු සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
මේ අතර පාකිස්තාන මානව හිමිකම් අමාත්‍යවරිය the ද මෙම සිද්ධිය හෙළා දැක ඇති අතර මෙය දඬුවම් ලබා නොදී සිටිය හැකි වරදක් නොවන බවයි ඇය ප්‍රකාශ කළේ .
පාකිස්ථානය තුල මරණ දණ්ඩනය ඇතුළුව ඉස්ලාම් දහම අපකීර්තියට පත්කිරීමට එරෙහිව අතිශයින්ම දැඩි නීති පවතිනවා.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර දියවඩන ගේ ඝාතනයෙන් අනතුරුව පාකිස්තාන පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවිඩ ඔස්සේ ලොවට කියා පෑමට උත්සාහ කළ කිසිවක් තවමත් පාකිස්තානය තුළ සිදු වීම නතර වී නැති බව මින් පැහැදිලි වනවා.

ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමෙන් පසුව දීර්ඝ කාලයක් විපක්ෂ දේශපාලනයේ සිටිමින් දේශපාලන අත්දැකීම් ගත්තත් ඉම්රාන් ඛාන්ට පාලනය කළ නොහැකි ප්‍රධාන අංග දෙකක් එ‍රට දේශපාලනයේ පවතින බව නම් මේ වන විටත් පසක් වී අවසන්.
ඉන් එකක් හමුදාවේ අධිකාරිත්වයයි.

අනෙක ආගමික මුල්ලාවරුන්ගේ අන්තවාදයෙන් සැඟවී සිටින ලැජ්ජ අන්තවාදීන්ගේ ක්‍රියාකලාපයයි.

මේ කොටස් දෙක කියන කියන පදයට නටනවා හැරෙන්නට ඉම්රාන් ඛාන්ට කළ හැකි අන් යමක් නොමැති බවට මුලු මහත් ලෝකයටම දැන් දැන් අවබෝධ වෙමින් පවතී.
ඉම්රාන් ඛාන්ට වුවද ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිසි දැක්මක් නොමැති බව පෙනේ. ප්‍රංශයේ ගුරුවරයකු සැමුවෙල් පැටී කිසියම් අන්තවාදියකු විසින් මරා දැමුණු විට, ප්‍රංශයේ නැග ‍එන ඉස්ලාමීය අන්තවාදයට දැඩි පියවර ගන්නේ යයි ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙන් මැක්‍රෝන් සදහන් කල විට යථාර්තය පිළිගන්නට අකමැති වූ ඉම්රාන් ඛාන් හැසිරුණේ ආගමික ආලයෙන් පෙළෙන්නෙකු ලෙස මිස නවීන ලෝකයේ ලෞකික දේශපාලනය සහ ප්‍රජාතන්ත්‍රීය ටිනාකම් වටහා ගත් අයකු ලෙස නොවේ.
ඔහුගේ එම ආස්ථානය පකිස්ථානය පුරා ප්‍රංශ විරෝධී විරෝධතා වලින් ගිනියම්ව රට දින කිහපයකට අඩපන වන්නට හේතු විය.
පකිස්ථානය හැඳින්වෙන්නේ ඉස්ලාමීය ජනරජය නමිනි. ඉස්ලාමීය ෂරියා නීතිය එහි නීති පද්ධතිය සමග ගැට ගැසී ඇත. එහි වෙසෙන සුළුතර ප්‍රජාවන් වන හින්දු, ක්‍රිස්තියානි සහ අහමදියා මුස්ලිම් යන ජන කොටස් වලට මෙහි එන බ්ලැස්පෙමි නීතිය ( Blasphemy ) ඉතා සාහසික ලෙස බලපායි.

ඒ යටතේ ඉස්ලාම් ආගමට අපහාස කරා යන කියා චෝදනා කරණු ලැබුවහොත් ඒ පුද්ගලයා අධිකරණයට පමුණුවා සිරගත කිරීම හෝ මරණ දඬුවම ලබා දිය හැකිය. ඒ නිළ ක්‍රමයයි.
අනෙක් ක්‍රමය වන්නේ අන්තවාදී කල්ලි විසින් නීතිය අතට ගැනීමයි. පසුගියදා ප්‍රියන්ත කුමාර දියවඩන මරණයට පත් වන්නේ එවන් කල්ලියකගේ අතිනි.
ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පාලනය කිරීමේ දී උපරිම කාර්යක්ෂමතාව ලබා ගන්නට යන කළමනාකරුවකුට වුවද ව්‍යාජ චෝදනා දමා ගසා දඬුවම් කිරීම් පකිස්ථානය වැනි රටක නොසිදුවන්නේ යයි කිව නොහැක.
ඒ කවරක් වුවත් ආගමකට අපහාස කළා කියා හෝ නීතිමය වශයෙන් හෝ අන්තවාදී කාල්ලි වල අතින් දඬුවමට මිනිසුන් ලක් කිරීම මේ නවීන යුගයේ මානව සමාජයට ගැලපෙන තත්වයක් ද?
පාකිස්ථානයේ දෛනිකව ආගමික සංසිද්ධි වලින් හිංසාවට පත්වන හින්දු, ක්‍රිස්තියානි සහ අහමදියා මුස්ලිම් යන අයගේ කතාවන්ට සවන් දුනහොත් තත්වය තේරුම් ගත හැක.

මෙන් ආසන්නතම උදාහරණය වන්නේ පාකිස්තානයේ ජෆරබාත් සහ මස්තුං යං ප්‍රදේශවල දී කාන්තාවන් දෙදෙනකු සහ තවත් පිරිමි පුද්ගලයන් දෙදෙනකු අමානුෂික ලෙස ඝාතනය කර තිබීමයි.

ඝාතනයට හේතුව ලෙස ඝාතකයන් පෙන්වාදෙන්නේ ගෞරවයෙන් නාමයෙන් ඝාතනය කළ බවයි.
ඔවුන්ද ආගමික අන්තවාදීන් වන අතර මෙතෙක් ඔවුන්ට ද නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වූ බවට පෙනී යන්නේ නැහැ .

1947 වසරේ සිට පාකිස්තානය තුළ ආගමික අපහාස සිද්ධීන් 1,415 ක් වාර්තා වී ඇති බව පර්යේෂණ සහ ආරක්ෂක අධ්‍යයන මධ්‍යස්ථානයේ චින්තන පර්ෂදය පවසනවා.
එම වාර්තාවට අනුව, 1947 සිට 2021 දක්වා අපහාස කිරීම හේතුවෙන් කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 71 දෙනෙකු අධිකරණයෙන් පරිබාහිර ලෙස ඝාතනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, චින්තන පර්ෂදයට අනුව, සියලුම සිද්ධීන් වාර්තා නොවන බැවින් සැබෑ සංඛ්‍යාලේඛන ඊට වඩා වැඩිවිය හැකියි.

කෙසේ වෙතත් අවසානයේ පෙනී යන්නේ අන්තයන්නේ අන්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වූ පාකිස්තානය තුළ ජීවත් වන සියලු දෙනාම සිය මූලික අයිතිවාසිකම් අහෝ අහිමිවී ඇති පුද්ගලයන් බවයි.

මින් ඉදිරියටත් අන්තවාදීන් අතින් ඝාතනය වන පුද්ගලයන් පිළිබඳව ශෝකය පළ කරමින් සහ අත්අඩංගුවට ගත් අපරාධකරුවන් ගණන් කරමින් Twitter පණිවුඩ නිකුත් කරනවා හැර පාකිස්ථානයේ රාජ්‍ය නායකයා වන ඉම්රාන් ඛාන් ට ද කළ හැකි දෙයක් පෙනෙන්නට නැත.

RECENT ARTICLES - SINHALA

සහන සේවාවලට ලබාදුන් ට්‍රැක්ටර් බවුසර් 5ක් අතුරුදන්

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි 33ක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හතරකින් අස්ථානගත වී ඇති බව වාර්තා වනවා....

නවසීලන්තයට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක්

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයක් නවසීලන්තයේ වෙලිංටන් හි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකා...

උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමට

අද (20) දිනයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ දිස්ත්‍රික්ක 4ක් හැරුණු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...