27.2 C
Colombo
Saturday, June 21, 2025

ජනපති අනුර ගැන IMF ප්‍රධානියා තැබු විශ්වාසය

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යටතේ රටේ ආර්ථික සුරක්ෂිතභාවය මෙන්ම ස්ථාවරභාවයත්, ඵලදායී වර්ධනයක් අත් කර ගනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබපතා ලිපියක් යොමුකරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය මේ බව පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වසර ගණනාවක් පුරා මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ එකඟතා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කමද අදාල නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරනවා.

දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් යටතේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණාත්මක ක්‍රියාදාමයන් අඛන්ඩව ඉදිරියට යනු ඇති බවට ද අදාළ ලිපියෙන් විස්වාසය පළ කර තිබෙනවා.

අදාළ ලිපියේ දැක්වෙන්නේ එමගින් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථිකයේ අර්බුදකාරී තත්වයෙන් මිදී මූල්‍ය ඒකාග්‍රතාවය ඇති කර ගනු ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES