30 C
Colombo
Wednesday, June 25, 2025

සෞඛ්‍ය ඇමතිත් කඩන මැතිවරණ නීති

- Advertisement -

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ලිපි ශීර්ෂය නිල වශයෙන් භාවිත කරමින්,අපේක්ෂකයෙකුගේ ප්‍රචාරණ රැස්වීමක් සඳහා කැඳවීම මැතිවරණ නීතියට අනුකූලදැයි වහා සොයා බලන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ලිපියක් යොමු කරමින් රවී කුමුදේශ් මහතා සඳහන් කළේ ජනාධිපති අපේක්ෂකයෙකුගේ හෙට(12) හවස පැවැත්වෙන ප්‍රචාරණ රැස්වීමක් සඳහා මෙම කැඳවීම සිදු කර තිබෙන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාවරයා ලෙස නිල බලය පාවිච්චි කරමින්, නිල වගකීම් ඇති නිලධාරීන් ජනාධිපති අපේක්ෂකයකු සහභාගි වන රැස්වීමකට සහභාගී කරවීම මැතිවරණ නීති වලට අනුකූලද යන්න රවී කුමුදේශ් මහතා ලිපියක් යොමු කරමින් විමසා සිටිනවා.

සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව විමසන සැබෑ රැස්වීමක් නම්, එය වෛද්‍ය ප්‍රජාව සමග පමණක් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන්නේ කෙසේද යන්න විමසන කුමුදේශ් මහතා පසුගිය වසර දෙකකට වඩා වැඩි කාලයක් සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ ගැන පැවසිමට ඉල්ලු එකම අවස්ථාවක් හෝ ලබා නොදුන් බව පෙන්වා දෙනවා.

එලෙස එකම අවස්ථාවක් හෝ ලබා නොදුන් සෞඛ්‍යා අමාත්‍යවරයා මෙලෙස එකවර ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා කිරීමේ උවමනාවක් පැමිණ තිබෙන බව අදාළ ලිපියෙන් සඳහන්.

සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ ගැන සෞඛ්‍යා අමාත්‍යවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී විමසිමට නොහැකි ඇයි දැයි එහිදී කුමුදු දේශ් මහතා වැඩිදුරටත් විමසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

පියාට පොලීසියෙන් පහර දෙද්දී වීඩියෝ කළ පුතාට ගහලා

තිහංගඩ ප්‍රදේශයේදී ඊයේ (24) පෙරවරුවේ 18 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් පහර දී තිබෙනවා. අදාළ තරුණයාගේ නිවසට සිවිල් ඇඳුමින් සිටි පොලීස් නිලධාරින් දෙදෙනෙකු පැමිණ...

තුන්වන ලෝක යුද්ධයක් වෙන්න දෙන්න එපා! විමල්ගෙන් UN එකට ලියුමක්

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැළැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් සිදු කරන ලෙස ඉල්ලමින් විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු...

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවත්වෙලා

හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ...

POPULAR ARTICLES