24.5 C
Colombo
Tuesday, June 17, 2025

විමල්ගේ නඩුවක සාක්ෂි විභාගය කල් යයි

- Advertisement -

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනාලත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් 06 කට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා කැඳවිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

ඒ මෙම නඩුව අද (30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී යි.

එහිදී පොලිස් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවූ අතර, වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තෝබර් මස 28 වනදා දක්වා කල් දැමුවා.

2016 පෙබරවාරි 6 වැනි දිනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට,තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන අන්දමේ උද්ඝෝෂණයක නියැළීමට එරෙහිව මෙම නඩුව කුරුඳුවත්ත පොලිසිය මගින් පවරා තිබෙනවා.

මංමාවත් පනත යටතේ හා පොලිස් ආඥා පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

දේශබන්දු කමිටුවට තවත් තුනක් සාක්ෂි දීලා

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කරන පරීක්ෂණ කමිටුව ඉදිරියේ තවත් සාක්ෂිකරුවෝ තිදෙනෙක් සාක්ෂි ලබා දී තිබෙනවා. පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන්...

POPULAR ARTICLES

මාලිමා ආණ්ඩුව ගෙනියන්නෙත් රාජපක්ෂ සංස්කෘතිය – මුජුබර් රහුමාන්

කොළඹ මහ නගර සභාවේ පුරපති පත්කිරීමේදී පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීති පියවර ගැනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන...

මැතිව්ස් සහභාගි වන අවසන් ටෙස්ට් තරගය හෙට 

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට(17) ආරම්භ වනවා. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ...