32 C
Colombo
Monday, March 17, 2025

හරීන්ගේ හා මනූෂගේ පෙත්සම් විභාගය අවසන්

- Advertisement -

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීති විරෝධී බවත් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව අද (23) කල් තැබුවා.

විජිත් මලල්ගොඩ, අචල වංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

අද නඩු විභාගය ආරම්භ වූ අවස්ථාවේදී මනුෂ නානායක්කාර අමාත්‍යවරයා වෙනුවෙන් නැවත කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සඳහන් කළේ සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලය එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත පැවරී තිබෙන බවයි.

එමෙන්ම විනය ක්‍රියාමාර්ග ගැනීමේ බලතල පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකයා වෙත පැවරී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව සේවාදායකයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගත් තීරණය නීතියට පටහැනි බවත් සඳහන් කර සිටියා.

එසේම තම සේවා දායකයාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් පැවැති බවට අධිකරණය හමුවේ කරුණු තහවුරු කිරීමට වග උත්තරකරුවන් අසමත් වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේ, සේවාදායකයාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට පෙර සාධාරණ විභාගයක් ලබා දීමට සමගි ජන බලවේගයේ විනය කමිටුව අපොහොසත් වී ඇති බවත් ඒ තුළින් වග උත්තරකරුවන් ස්වභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූල ධර්මය උල්ලංඝනය කර තිබෙන බවයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම් විභාගය අවසන් කල අතර මෙම එහි තීන්දුව ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් තැබූවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ප්‍රසන්න රණවීරට විදෙස් ගමන් තහනමක්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාජ්‍ය ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

POPULAR ARTICLES