25 C
Colombo
Monday, March 17, 2025

රට රස්සාවලට ගිය වැඩිම ප්‍රමාණය 2022 දී; ලක්ෂ 3ක් ගිහින්..! – ඇමති කියයි

- Advertisement -

මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් පෙරේදා (18) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමින්.

තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් රාජකාරි ආරම්භ කරන විට එක් මසකට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටව ගිය ප්‍රමාණය 300- 400 අතර ප්‍රමාණයක් වුවත්, තමන් මෙම අමාත්‍යාංශය භාරගත් පසුව එක් මසකට ශ්‍රි ලාංකිකයින් දහසකට ආසන්න පිරිසක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කලේය. ඒ අනුව අද දිනය වන විට 6120 ක පිරිසක් කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ. එය 2004 වර්ෂයෙන් පසු දකුණු කොරියාව බලා පිටව ගිය ශ්‍රි ලාංකිකයින් පිරිසයි. මේ වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය පිරිස අතරින් වැඩිම පිරිසක් පිටත්ව ගොස් ඇත්තේ කුවේට් රාජ්‍යයටයි. එය 76,579කි. කටාර් රාජ්‍යයට 69,992 දෙනෙක්ද, සෞදි අරාබිය සඳහා 51,421 දෙනෙකුද පිටත්ව ගොස් තිබේ. ජපානය සඳහා ශ්‍රමිකයින් 4,410 දෙනෙකු පිටත්ව ගොස් ඇත.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහාද පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා කීවේය. විදේශගත ශ්‍රමිකයින් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම, මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා කීය. විදේශ ගතවන ශ්‍රමිකයාට ගුවන් තොටුපොලේදී පිළිගැනීමක් ලබාදීම සඳහා “Hope Gate” නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බවද අමාත්‍යවරයා පැවසීය.

තවද, ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් විදේශ ගතකිරීම නතර කරන බවත්, ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් (Advance House Keepers) රැකියා සඳහා පිටත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ප්‍රකාශ කලේය.

විදේශ රැකියාවක නිරතව සිට අපහසුවෙන් උපයාගත් මුදලින් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කර ව්‍යවසායකයින් වශයෙන් ජීවිතය ජයගත් ශ්‍රි ලාංකිකයින් පස් දෙනෙකු ඇගයීමද මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් සිදුකරන ලදී.

Voice of Migrants (VOM) හා Solidarity Foundation සංවිධාන එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රදීප් හපුතන්ත්‍රි, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

RECENT ARTICLES - SINHALA

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

ප්‍රදේශ රැසකට අද (17) පස්වරුවේ සහ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද (17) රාජගිරිය...

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආරක්ෂාවට සිටි ජේලර් අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ගණේමුල්ල සංජීව නමැත්තාව බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂාව...