29.1 C
Colombo
Thursday, April 25, 2024

කේරළ ජාතිකයෙකු විසින් නාගයෙක් යොදාගෙන සිය බිරිඳ ඝාතනය කළ බිහිසුණු ආකාරය හෙළි වේ

- Advertisement -

සර්පයකු විසින් සපාකෑමෙන් මියගිය කේරළ ප්‍රාන්තයේ කාන්තාවකගේ මරණය ඔහුගේ සැමියා විසින් සිදු කරනු ලැබූ ඝාතනයක් යැයි ඉන්දියානු අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

සර්පයන් හසුරුවන්නෙකු සහ වනජීවී විශේෂඥයකු වන 27 හැවිරිදි සුරාජ් නමැති තැනැත්තා සිය බිරිඳ නිදන කාමරය තුළ නාගයකු යොදා ගෙන ඝාතනය කර ඇති බව සඳහන් වෙනවා.

මිනීමැරුම් චෝදනාවලට අමතරව විස ප්‍රහාරයක් එල්ල කර බිරිඳ ඝාතනයට තැත්කිරීම, වස පානය කිරීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනා යටතේ ද අධිකරණය ඔහුට දඳුවම් නියම කර ඇති බවයි සඳහන් වෙන්නේ.

25 හැවිරිදි උත්තරා නම් මෙම කාන්තාව සිය සැමියාගේ කුමන්ත්‍රණයකින් ඝාතනය වී ඇත්ත්තේ පසු ගිය මැයි මාසයේ දීය.

වින්දිතයාගෙ මව පවසා ඇත්තේ සිය පුතා සහ ලේලිය රාත්‍රී කෑම ගැනීමෙන් පසු එකට නින්දට ගිය බවත් පසු දා සිය පුතා ප්‍රමාද වී අවදි වූ බවයි.

උත්තරා නිදන කාමරය තුළ සිහිසුන්ව සිටිනු ඇය දුටු බව ඇය සඳහන් කර තිබෙනවා.

පසුව ඇගේ දෙමවිපියන් පැමිණ කාමරය පරීක්ෂා කරන විට ද ඇයට දෂ්ඨ කළ නාගයා කාමරය තුළ රැඳී සිට ඇති බව පැවසෙනවා.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...