32 C
Colombo
Friday, January 17, 2025

අඩු ආදායම්ලාභීන්ගේ නිවාස සිහිනය සැබෑ වෙලා

- Advertisement -

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා

ඒ අනුව, මහජන චීන සමූහ ආණ්ඩුවේ ප්‍රදානයක් ලෙස නිවාස ඒකක 1888ක් ඉදිකිරීමට නියමිතයි.

මේ සඳහා රුපියල් බිලියන 22 ක මූල්‍ය ආධාර ලබා දෙන අතර පළමු අදියර යටතේ ව්‍යාපෘතිය මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේදී නිවාස 575ක් ද කොට්ටාව ප්‍රදේශයේ කලා කරුවන් වෙනුවෙන් නිවාස ඒකක 108ක්ද ඉදි කිරීමට යෝජිතයි.

එහි දෙවන අදියර ලෙස දෙමටගොඩ ව්‍යාපෘතිය නිවාස 586ක් සහ මහරගම ව්‍යාපෘතියෙන් නිවාස 112ක් ඉදි කෙරෙනවා.

මෙහි තෙවන අදියරේ දී පෑලියගොඩ ප්‍රදේශයේ නිවාස 615ක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව තෝරාගත් ස්ථාන 5ක ආරම්භ වන මෙම නිවාස ව්‍යාපෘතිය මාස 36කින් සාදා නිම කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින සමීප සහ කල්පවත්නා සබඳතා පිළිබිඹු කරමින් අඩු ආදායම්ලාබී පවුල්වල ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වනවා.

RECENT ARTICLES - SINHALA

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

වතුකරයට ස්මාට් පන්ති කාමර

වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ඊයේ (16) සිදුව තිබෙනවා. ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්...

කළුබෝවිල වෙඩි තැබිමේ තවත් තොරතුරු

කළුබෝවිල ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසැලක් ඉලක්ක කර යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ (16) දහවල් සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට...

POPULAR ARTICLES