28.8 C
Colombo
Wednesday, March 26, 2025

මානව හිමිකම් කොමිසමෙනුත් ශිෂ්‍යත්ව ගැන විමර්ශනයක්

- Advertisement -

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව පැවසෙන සිදුවිම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, ඒ සඳහා ප්‍රකාශ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශයේ හා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට(26) දිනයේ කොමිසම හමුවට කැඳවා ඇති බවයි.

ශිෂ්‍යත්ව විභාගයට මුහුණු දුන් බහුතර අපේක්ෂකයින් සංඛ්‍යාවකට එමගින් සිදුව ඇති බලපෑම හා ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වීම සම්බන්ධයෙන් මෙහිදී ගැඹුරින් සලකා බලන බව ද ඔහු ප්‍රකාශ කළා.

මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බව පැවසෙන සිදුවිම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිවූ කරුණු මතයි.

එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අවසන් වන තෙක් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගත්තා.

RECENT ARTICLES - SINHALA

ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් විභාගයට ගැනේ

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (26) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගනු ලැබුවා. ‍ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළෙඳ...

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ තිබෙනවා. අද පස්වරු 01.00ට නිකුත් කරන ලද එම නිවේනදය අද රාත්‍රී 11.00 දක්වා...

සම්බාධක පැනවීම ඒකපාර්ශවික පියවරක් – විදේශ කටයුතු අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට...

POPULAR ARTICLES