29 C
Colombo
Saturday, January 18, 2025

මුදල් වංචා කළ අඹුසැමි යුවල නැවතත් රිමාන්ඩ්

- Advertisement -

නීතිවිරෝධි ආකාරයෙන් අන්තර්ජාලය ඔස්සේ තැන්පතු මුදල් ලබාගෙන රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අඹුසැමි යුවලක් එලැඹෙන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියම කළා.

එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊලඟ දින කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ අන්තර්ජාලය හරහා මුදල් තැන්පතු භාරගෙන අදාළ සැකකරුවන් රුපියල් කෝටි 260කට අධික මුදලක් වංචා කර ඇතැයි අනාවරණය වූ බවය‍ි.

ඒ අනුව මෙම සැකකරුවන් ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි හෙයින් ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කර සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිට නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ පොලිසිය විසින් එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය විසින් සැකකරුවන් ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES