24 C
Colombo
Sunday, February 16, 2025

බිරිඳව ඝාතනය කළ සැමියා පොලීසියට භාරවෙලා

- Advertisement -

බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු අද (04) අලුයම නාවලපිටිය පොලීසියට භාර වී තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නැමැති 46 හැවිරිදි තිදරු මවක්.

මරණකාරිය කොළඹ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය දානමය පිංකමකට සහභාගි වීම සඳහා ඊයේ (03) නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ තිබුණා.

එහිදී අද අලුයම 1.30ට පමණ නිවසේ පහළ මහලේ ජනේලයකින් හොර රහසේ නිවසට ඇතුළු වු සැකකරු නිවසේ කාමරයේ නිදාගෙන සිටි මරණකාරියට පිහියෙන් ඇන තිබෙනවා.

ඒ සමග ඇය බේරිම සඳහා නිවසෙන් පිටතට දිවගිය තිබෙනවා.

මරණකාරියගේ දියණිය පවසා සිටියේ, එලෙස නිවසින් පිටතට දිවගිය මව පසුපස හඹා ගොස් පියා විසින් නිවසෙන් පිටතදී යළිත්වරක් මවට පිහියෙන් ඇන ගලකින් හිසට පහරදුන් බවයි.

මව බේරීමට ගිය දියණියට තුවාල සිදුවි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවත් පොලීසිය පැවසුවා.

ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වී ජීවිත් වී ඇති බව සිදුකරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය තිබෙනවා.

නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසුවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES