දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එරට හිටපු ජනාධිපති යූන් සුක් යූල් එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ කර තිබෙනවා.
නමුත් යූන් නොපැමිණීම නිසා එය මිනිත්තු හතරක් ඇතුළත අවසන් කිරීමට සිදුවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.
පසුගිය මාසයේ ජනපතිවරයා විසින් සිදු කරන ලද කම්පන සහගත හමුදා නීති පැනවීමේ උත්සාහයෙන් පසු, ඔහුගේ ජනාධිපති ධූරය අත්හිටවුණා.
එම නිසා යූන් සුක් යූල් ධුරයෙන් ඉවත් කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා පළමු නඩු විභාගය මෙලෙස ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් ජනපතිවරයාගේ නීතිඥයින් මීට පෙර පවසා තිබුණේ කැරැල්ලක් සම්බන්ධයෙන් වෙනම චෝදනා මත, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින්, ඔහුගේම ආරක්ෂාව සඳහා ඔහු මෙම නඩු විභාගයට නොපැමිණෙන බවයි.
දෙසැම්බර් මාසයේදී, ඔහුගේම පක්ෂයේ සාමාජිකයන් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය විපක්ෂය සමඟ එකව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, යූන්ගේ ජනපති ධූරය අත්හිටුවූවා.
කෙසේ වෙතත්, අට දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලෙන් අවම වශයෙන් හය දෙනෙකු දෝෂාභියෝගය තහවුරු කිරීමට ඡන්දය දෙන්නේ නම් පමණක්, ඔහු නිල වශයෙන් ධුරයෙන් ඉවත් කරනු ඇති බව සඳහන්.