26 C
Colombo
Monday, January 13, 2025

උසාවියට අරන් යද්දි පැනලා ගිය රැඳවියා යළි අත්අඩංගුවට

- Advertisement -

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු  ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, මාම්පේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි රැඳවියකු බවයි.

ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම රඳවියා ඉකුත් අගෝස්තු මස දිනක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව පොලිසිය පවසනවා.

පසුව එම රැඳවියා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාර බස් රථයකින් රැගෙන එමින් සිටියදී පලා ගොස් තිබූ බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් රැඳවියා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර පිළියන්දල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

අනුර චීනය බලා පිටත්ව යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව්දින නිල සංචාරයක් සඳහා චීනය බලා අද (13) රාත්‍රියේදී පිටත්ව ගියා. චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයෙන් ජනාධිපති...

දුරකථන පැකේජවල මිල ගණන් සම්බන්ධයෙන් දැනුම්දීමක්

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම ජංගම දුරකථන පැකේජයන්වල මිල ගණන් ඉහළ දමා ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ශ්‍රී ලකා විදුලි සංදේශ නියාමන...

POPULAR ARTICLES

කුම්භ මේලා උත්සවය ඇරඹේ

ලොව වැඩි ම බැතිමතුන් පිරිසක් සහභාගී වන ඉන්දියාවේ ‘කුම්භ මේලා’ උත්සවය අද (13) ආරම්භ කර තිබෙනවා. සෑම වසර 12කට ම වරක් උතුරු ඉන්දියාවේ පෙරේයාග්රාජ් නගරයේදී...

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස

පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විටත්...

පහර කෑ තරුණයෙක් පොලීසියේ රඳවා ගැනීම ගැන විමර්ශනයක්

පුද්ගලයන් පිරිසක් විසින් පහර දෙනු ලැබූ තරුණයකු රෝහල් ගත නොකර යක්කල පොලිසියේ  සිර මැදිරියේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා...