32 C
Colombo
Friday, March 31, 2023

වෙල්ගම දුටු නොපෙනෙන බලවෙිගය

- Advertisement -

නොපෙනෙන බලවේගයක් විසින් ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.

ඒ, අද (01) දින පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්.

එලෙස කකුලෙන් අදින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන බවත් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට කැමති බවත් ඔහු පවසනවා.

ජනාධිපතිවරයාගේ යෝජනා ක්‍රියාත්මක කළහොත් නොපෙනෙන බලවේගය අප්‍රසාදයට පත් වෙන බවත් දූෂිතයන් සිටිනවා නම් ඔවුන්ට තනතුරු නොදෙන ලෙස තමා ජනාධිපතිවරයාට පවසන බවත් කුමාර වෙල්ගම ප්‍රකාශ කර සිටිනවා.

“රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය ඇත්තටම හොඳයි.එය අද කාලෙට ගැලපෙන අය වැයක්.මේක ක්‍රියාත්මක කරන්න බැරිද? පුළුවන් ද කියා මා දන්නේ නැහැ. අයවැය පරතරය සියයට සියයයි. ඒකට ණය ගන්න වෙනවා.

පසුගිය අයවැයේ වුනේ මේසෙට ගහපු එක පමණයි. මේ සැරේ එහෙම නොවේවා කියා කියනවා .කෘතහස්ත දේශපාලකයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහතා වැඩේ කරනු ඇතැයි මා සිතනවා

චීනය ,ඇමරිකාව ආදී රටවල් උදව් කරන්නේ ලොකු බලාපොරොත්තු ඇතිව නමුත් ඉන්දියාව දැනට ඩොලර් බිලියන 4ක ආධාර ලබා දී තිබෙන බවත් මේ පිළිබඳව අපි අපේ ලොකු අයියාට අත් දෙක උත්සාහ වැඳිය යුතු අතර ලොකු අයියා,මල්ලිලා හොඳට බලාගන්න බව පෙනෙන්නට තියෙනවා”

RECENT ARTICLES - SINHALA

අධිවේගී බස් ගාස්තු පහළට

ඉන්ධන මිල පහළ දැමීමට සමගාමීව අධිවේගී බස් ගාස්තු ද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, අදාළ ගාස්තු අද (මාර්තු 31)...

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...