29 C
Colombo
Sunday, October 1, 2023

සිව්වරක් ලෝක ශූරයින් පරාජය කළ ජපන් පෙරළිය

- Advertisement -

සිව්වරක් ලෝක ශුරතාව දිනූ ජර්මනිය සහ ජපානය අතර තරගය කටාර් කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

තරගයේ වැඩි කොටසක ආධිපත්‍ය මුලුමනින්ම ජර්මනිය සතු වුවත් දෙවන අර්ධයේ අවසන් භාගයේ සුපිරි ක්‍රීඩා විලාසයකින් තරගයට අවතීර්ණ වූ ජපානය ජර්මනියට අනපේක්ෂිත පරාජයක් අත් කර දුන්නා.

Gundogan තරගයේ 33 වැනි මිනිත්තුවේදී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් 1- 0ක් පවත්වාගෙන ආ ආධිපත්‍යයට 75 වැනි මිනිත්තුවේදී අභියෝග කරන්නට Ritsu Doan සමත් වුණේ තරගයය 1 -1 ක් ලෙස සම කර ගනිමින්.

යළි 83 වැනි මිනිත්තුවේදී ක්‍රියත්මක වුණු Takuma Asano ඓතිහාසික ජයග්‍රහණයකට මග පාදනු ලැබුවා.

ඒ අනුව සිව්වරක් ලෝක ශූරතාව දිනු ජර්මනියට මෙවර තමන් සහභාගී වූ පළමු තරගයේදීම අනපේක්ෂිත පරාජයක් අත්කර දෙමින් මෙවර තරගාවලිය තුල දෙවන පෙරලිය සිදු කළ ජපානය 2 -1 ක් ලෙස තරගය ජය ගත්තා.

සඳුදා සෞදි අරාබිය ද මෙවැනිම පෙරලියක් සිදුකරමින් සුපිරි ආර්ජන්ටිනාව පරාජය කරන්නට සමත්වුණා.

මේ අතර තරගයෙන් අනතුරව ජපන් ප්‍රේක්ෂකයන් කලීෆා ප්‍රේක්ෂකාගාරය පිරිසිදු කරන අයුරු දැක ගත හැකි වුණා.


RECENT ARTICLES - SINHALA

රේගුවට නව බඳවා ගැනීම් රැසක් ඉදිරියේදී

සහකාර රේගු අධිකාරීවරුන් 138ක් සහ රේගු පරීක්ෂකවරුන් 45ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රුවන්වැල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ පැවති ආගමික...

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...