33 C
Colombo
Saturday, April 20, 2024

නමක් ගමක් දන්නෑ; හැබැයි ජෙට් යානය දුන්නේ මිත‍්‍රයෙක් – යෝෂිත රාජපක්ෂ

- Advertisement -

දෙසැම්බර් 23 වැනි දින තිරුපති ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී නිල් පැහැති Embraer Legacy 600 ව්‍යාපාරික ජෙට් යානයකින් බැස යන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූප සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක ආන්දෝලනාත්මක ලෙස සංසරණය වීමෙන් පසුව, අග්‍රාමාත්‍යවරයාට ඔහුගේ ප්‍රයෝජනය සඳහා එම ජෙට් යානය එහි හිමිකරු විසින් කිසිඳු අයකිරීමකින් තොරව ලබාදී ඇති බව ද මෝනින් පුවත්පත වාර්තා කරනවා.

අග්‍රාමාත්‍ය මාණ්ඩලික ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා The Morning වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ වන්දනා චාරිකාවක් ද ඇතුළත් පෞද්ගලික දෙදින සංචාරයක් වෙනුවෙන් මෙම ජෙට් යානය සුහදතාවය මත ලබාදී ඇති බවයි.

“අග්‍රාමාත්‍යවරයාගේ යාළුවෙක් ඔහුගේ තිරුපති ගමනට ඒ ගුවන් යානය එයාට නොමිලේ දුන්නා. ඔහු නම හෙළි කිරීමට අකමැති ඉන්දීය ව්‍යාපාරිකයෙකි. ඔහු අග්‍රාමාත්‍යවරයාගේ මිත්‍රයෙක් වගේම ඒක සුහදතාවයේ ඉඟියක්” යැයි ඔහු පුවත්පත වෙත පවසා තිබෙනවා.

අන්තර්ජාලයේ ඇති තොරතුරු වලට අනුව, අදාල ජෙට් යානයේ සාමාන්‍ය පැයක කුලී ගාස්තුව පැයකට ඇමරිකානු ඩොලර් 6,700ක් පමණ වේ.

The Morning පුවත්පත වාර්තා කරන්නේ කුඩා යුරෝපීය රාජ්‍යයක් වන සැන් මැරීනෝහී ලියාපදිංචිව ඇති T7-JSG පෞද්ගලික ජෙට් යානය JetSetGo Aviation Services Private Limited ගුවන් සමාගමේ ඇති ගුවන්යානා සමූහයෙන් එකක් බවයි.

JetSetGo Aviation Services Private Limited යනු ඉහළ ආදායමක් උපයන, පෞද්ගලික ගුවන්යානා සපයන ඉන්දියානු ගුවන් සමාගමකි.

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ආයෝජකයෙකු ලෙස මෙම ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙහි සිටීමද විශේෂත්වයක්.

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ෆේස්බුක් පිටුවට අනුව, T7-JSG යානය අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ සිට දෙසැම්බර් 16 වන දින රත්මලාන ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

එම යානය පසුදා එනම් දෙසැම්බර් 17 වනදා රත්මලාන ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබෙනවා.

දෙසැම්බර් 17 වැනිදායින් පසු, දෙසැම්බර් 22 වැනිදා චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව යන තෙක්ම යානය තිබූ ස්ථානය පිළිබඳ තොරතුරු කිසිවක් නොමැති අතර පසුව දෙසැම්බර් 23 වැනි දින අග්‍රාමාත්‍යවරයා සමඟ යානය රත්මලානෙන් තිරුපති බලා පිටත් ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව, එම යානය එදිනම නවදිල්ලි නුවර බලා පිටත් වීමට පෙර දෙසැම්බර් 24 වන දින නැවත වරක් රත්මලාන භූමියේ තිබූ බව ගුවන්තොටුපල දත්ත පෙන්වා දෙනවා.


RECENT ARTICLES - SINHALA

මිලියන 45 ක් නාස්ති කර පාස්කු ගැන තවත් විවාදයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පැවැත්වීමට නියමිත දින තුනක පාර්ලිමේන්තු විවාදය සඳහා රුපියල් මිලියන 45ක්  පමණ වැය වනු ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. මෙය...

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...