24 C
Colombo
Thursday, February 13, 2025

කලා ඔය පිටාර ගැලීමෙන් විල්පත්තු මාර්ගය වසා දැමේ

- Advertisement -

පවතින මහ වැසිත් සමග විල්පත්තුව ජාතික වන උද්‍යානය මැදින් වු මාර්ගය ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවිමත් සමග මාර්ගය අද (19) සිට වසා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය පවසනවා.

ඉහල ජලධාරා ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි හා රාජාංගන ජලාශයෙ වාන් දොරටු විවෘත කිරීමත් සමග එයින් එන දැවැන්ත ජල කද කළාඔය හරහා පැමින වනාතවිල්ලුව ගගේවාඩිය ආසන්නයෙදී මුහුදට වැටිම සිදුවෙනවා.

මේ හේතුවෙන් පුත්තලම සිට වනාතවිල්ලුව හරහා ක්‍රොස්වේ තැලවිලි පාලම මතින් විල්පත්තුව ජාතික වන උද්‍යානය හරහා ගමන් කිරීම සිදුවනවා.

එහෙත් ගලා බසිනා දැවැන්ත ජල කද අද වන විට එළුවන්කුලම ක්‍රොස්වේ සපත්තු පාලම අසලින් සම්පුර්ණයෙන් ජලයෙන් යටවි වනජීවි කාර්යාල භුමිය හා ඒ අසල පිහිටි නාවික හමුදා කදවුරද මේ වන විට ජලයෙන් යටව ඇති බව ආපදා කළමණාකරණ ඒකකය පවසනවා.

මේ හේතුවෙන්, මෙම මාර්ගය භාවිතා කරමින් විල්පත්තුව ජාතික වන උද්‍යානයට ගමන් කල සංචාරකයින්, වනජීවි නිළධාරින් හා ආරක්ෂක අංශ සාමාජීකයින්ට එය තාවකාලිකව ජලය ක්‍රමයෙන් බැස යන තුරු ගමනාගමන කටයුතු නවතා ඇති බව වාර්තා වනවා.

ඒ සමගම කළාඔය පිටාර ගැලිම නිසා එළුවන්කුලිම මාර්ගයෙද ජලය ක්‍රමයෙන් වැඩිවිමක් සිදුව ඇති බවද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

ජනපතිගෙන් ලෝක නායකයින්ට ආරාධනයක්

දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණදීමට ගෝලීය පුරවැසියන් ලෙස එකට එක්විය යුතු බව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවති 2025 ලෝක රාජ්‍ය සමුළු අමතමින් පවසා සිටියා...

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

දිවයින පුරා පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක්...

POPULAR ARTICLES