24 C
Colombo
Thursday, March 30, 2023

වාරි සෞභාග්‍ය වැඩසටහනට හසු නොවුන ජපන් ජබර පිරි වැවක් (වීඩියෝ)

- Advertisement -

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බකමූණ ප්‍රදේශයේ බටුහේන වැව අද වන විට ජපන් ජබර, බටදැල්ල වැනි නොයෙක් ජලජ ශාඛවලින් වැසී ගොස් විනාශ මුඛයට ගොස් අවසානවී ඇති වැවකි.

බටුහේන, සරුබිම, නිකපිටිය, ගඟේයාය යන ගම්මාන 4 ක කෘෂිකර්මාන්තය තම ජීවනෝපාය කරගත් ගොවි පවුල් 1500 කට පමණ සෙත සැලසෙන මේ වැව අද වන විට දුගඳ හමන මඩ ගොහොරක්වී ඇත.

1980 දී අක්කර 15 ක පමණ වපසරියකින් ඉදිකරන ලද මේ වැව මඟින් කුඹුරු අක්කර 100 ක් පමණ පෝෂණය වූ අතර අද වන විට ජලය ඇත්තේ වර්ග අඩි 100 ක පමණ අල්ප ප්‍රමාණයකය.

අද වන විට වැව් රක්ෂිතය පවා සොයාගත නොහැකි තරමට වැව ගොඩවී ඇති අතර මිනිස් ක්‍රියාකාරකම්ද වැවට මෙම ඉරණම අත්වීමට හේතුවී තිබීම අවසනාවන්ත තත්ත්වයකි.

ප්‍රදේශයේ ගොවි සංවිධානය හරහා මීට වසර කිහිපයකට පෙර මෙම බටුහේන වැව ප්‍රතිසංස්කරණය කලද අද වන තෙක් කිසිදු රජයකින් මේ පිළිබද සොයා බලා විසඳුම් ලබා නොදුන් බව ගොවීන් චෝදනා කරනවා.

තවද 1980-2000 කාලය වන විටත් ධීවර කටයුතු සඳහා මහවැලිය මඟින් මසුන් ඇතිකල මේ වැව අද වන විට විනාශ වීමට ඉඩ හැර බලධාරීන් මුණිවත රැකින්නේ ඇයිදැයි ප්‍රදේශයේ ජනතාව ප්‍රශ්න කරනවා.

RECENT ARTICLES - SINHALA

මිදිගම වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් හිමිකරු මරුට

0
ඊයේ (29) පස්වරුවේ අහංගම මිදිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමෙන් එහි හිමිකරු මියගොස් තිබෙනවා. වෙඩි වැදීමෙන් තුවාල ලබා...

අර්ජුනට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් අස්වෙන්න කියයි

0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතාට ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස...

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...