28 C
Colombo
Thursday, January 16, 2025

විදෙස්ගත ලාංකිකයින්ට ලැබුණු අලුත්ම සහනය

- Advertisement -

විදේශගත ශ්‍රී ලාංකිකයින්ට ඒ ඒ රටවල තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි වන පරිදි ඩිජිටල් පහසුකම් ලබාදීම අද (06) ආරම්භ වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩටසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් අනුවයි.

මීට අදාළ වෙබ් අඩවිය විදේශ කටයුතු, අමාත්‍ය විජිත හේරත් මහතා අතින් අද විවෘත වුණා.

අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන බවයි.

තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

ඒ අනුව ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික සහතික ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇති.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඒ ඒ රටවලට අදාළ තානාපති කාර්යාලයට පිවිස ප්‍රමාදයකින් තොරව මීට අදාළ සේවාවන් සිදුකරගත හැකියි.

RECENT ARTICLES - SINHALA

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES

අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබෙනවා. තමාට සහ ශ්‍රී ලංකා...

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...