28.4 C
Colombo
Friday, April 26, 2024

නෙලුම් කුළුණ අද රෝස පාට වෙයි

- Advertisement -

පියයුරු පිළිකා පිළිබදව දැනුවත් කිරීමේ මාසය සංකේතවත් කරමින් කොළඹ නෙලුම් කුළුන අද (22) රෝසපැහැයෙන් ආලෝකවත් කිරීමට නියමිතයි.

පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝම්බර් මාසයේ සිදුකෙරෙන ගෝලීය ක්‍රියාකාරකම්වලට සමගාමීම වසර 2020 දී ශ්‍රී ලංකාව නෙලුම් කුළුන රෝස පැහැයෙන් ආලෝකවත් කරමින් මෙම වැඩසටහනට එක්වී තිබෙනවා.

රටවල් 140 කට අධික සංඛ්‍යාවක සුවිශේෂී ස්ථාන රෝස පැහැයෙන් ආලෝකමත් කරමින් පියයුරු පිළිකා පිළිබදව ගෝලීය වශයෙන් දැනුවත් කිරීම ප්‍රවර්ධනය කරමින් පියයුරු පිළිකාව කලින් හදුනාගැනීමේ වැදගත්කම සැමට සිහිපත් කරයි.

ශ්‍රී ලංකාවේ සෑම වසරකම කාන්තාවන් 4000 කට ආසන්න සංඛ්‍යාවක්ද සෑම දිනෙකම කාන්තාවන් 12 කට ආසන්න සංඛ්‍යාවක්ද පියයුරු පිළිකාවට ගොදුරු වන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් දැවැන්ත ජනතා බදු මුදලක් වියදම් කරමින් සාදා නිමකරන ලද නෙළුම් කුළුණ විවිධ දිනයන් නියෝජනය කරමින් විවිධ පැහැයෙන් ආලෝකවත් කරනවා හැරෙන්නට වෙනත් කිසිඳු ඵලදායී ක්‍රියාවකට යොදා ගැනීමට මීට පෙර පැවති රජය මෙන්ම වත්මන් රජයටද නොහැකිවී තිබීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...