31 C
Colombo
Friday, April 19, 2024

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

- Advertisement -

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතිනවා.

ආණ්ඩුවේ ඉහළ පෙලේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන අමාත්‍යවරයෙක් ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරු රැසක් මේ සඳහා මුල් වී සිටින බවයි.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ මෙහෙයුම් ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන අමාත්‍යවරයෙකු භාරගෙන ඇති බව සඳහන් වනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරන සමයේ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි කිහිපදෙනෙක් ද මේ මෙහෙයුමට සම්බන්ධව වී තිබෙනවා.

ආණ්ඩුවේ සිටින කැබිනට් හා රාජ්‍ය ඇමැති ධුර දරන තරුණ මන්ත්‍රීගෙන් වැඩිදෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවද ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට ඕන අනුරව බලයට ගේන්න – ඩිලාන්

ජනාධිපති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය එළඹෙන ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා. අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති වැඩසටහනකදී ඩිලාන් පෙරේරා...

ප්‍රශ්නගත ඖෂධ සිද්ධියට අදාළව තවත් පෙත්සමක්

හියුමන් ඉමියුනෝග්ලෝබියුලීන් ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මිලදී ගැනීම තුළින් මුලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බවට නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක්...

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ රත්‍රං මිලෙහි වෙනසක්

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...