27.7 C
Colombo
Thursday, April 25, 2024

ශ්‍රී ලංකාවේ ණයබර මෙන් තුන් ගුණයක ධනයක් මන්නරම් මුහුදේ

- Advertisement -

ශ්‍රී ලංකාවේ ණයබර මෙන් තුන් ගුණයක පමණ ආදායමක් උපයා ගත හැකි තෙල් සහ ගෑස් ප්‍රමාණයක් මන්නාරම් ද්‍රෝණියේ සැඟව ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, අද (07) දින පාර්ලිමේන්තුවේදී පැවති බලශක්ති අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදීයි.

පාර්ලිමේන්තුවට දෙවන වර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාව ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කරමින් අමාත්‍යවරයා මේබව පවසා සිටි අතර මෙම පනත් කෙටුම්පතට කාරක සභාවේ එකගතාවය හිමිවිය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීම ඇතුළු ඛනිජතෙල් සම්පත් ගවේශන කටයුතු නියාමනය සහ කළමනාකරණය කරමින් වඩාත් විධිමත් කිරීම සදහා වන මෙම කෙටුම්පත රජයේ ප්‍රමුඛතම කාර්යක් සේ සළකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සදහන් කරන ලදි.

එම තෙල් සහ ගෑස් ප්‍රමාණය ඇ. ඩොලර් බිලියන 267 ක් පමණ වටිනා බවත් එය නිසි පරිදි කළමනාකරණය කිරීමෙන් එම ආදායමෙන්ම පමණක් රටේ සමස්ත ණය ගෙවා දමා ඉදිරි ආර්ථිකය ද සවිමත් කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙයින් 50%ක කොටසක් කැණීම් සිදු කරන ආයෝජකයන්ට ලබා දීමෙන් පසු වුවත් රජයට අමෙරිකානු ඩොලර් බිලියන 133.5 ක් හිමිවන බවත් එය රටේ සමස්ත ණය වටිනාකම වන ඇමරිකානු ඩොලර් බිලියන 47 මෙන් තුන් ගුණයකට ආසන්න බවත් ඔහු පවසනවා

ලෝක සම්මතය අනුව සාමාන්‍යයෙන් තෙල් හා ගෑස් ගවේශනයේදී සාර්ථක වීමක් සිදුවන්නේ ළිං 7 ක් කැණිමේදී එකක් පමණ බවත් නෝර්වේ රාජ්‍යයට පළමු සාර්ථක වීම වෙනුවෙන් ළිං 31 ක් කැණීමට සිදුවූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙරට කැණීම් කරන ලද ළිං 4 අතුරින් 3 කම සාර්ථක වීම ඉතා යහපත් තත්ත්වයක් බව පෙන්වා දෙනවා.

අප අසල්වාසී රටවන ඉන්දියාව 1940 දශකයේ සිට ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ සිට තෙල් සහ ගෑස් කැණීමේ කටයුතු සිදු කළද ශ්‍රී ලංකාවට විවිධ කරුණු නිසා එය මග හැරී ඇතිබවත් මේ සම්බන්ධ විෂය ප්‍රවීණයන් ඇතුළු විද්වතුන් අතර පැවති දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව ඒ සදහා විවිධ හේතු බලපා ඇති බව හදුනාගත් බවත් අමාත්‍යවරයා පවසයි.

මේ සම්බන්ධව අමාත්‍යවරයා සතුව තිබු සියලු බලතල ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියට පවරා ඇති බවත් පැවති සාම්ප්‍රදායික කැණීම් සිතියම වෙනුවට නවීන සිතියමක් ගවේශන කටයුතු සදහා සකස් කර ඇති බවත් වැඩිදුරටත් අමාත්‍යවරයා පවසනවා.

බලශක්ති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කරන ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන චන්දිම වීරක්කොඩි , නලින් බණ්ඩාර, මුදිතා ප්‍රිශාන්ති, ගුණතිලක රාජපක්ෂ යන මහත්ම මහත්මීහූ ද ගරු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී බී.වයි.ජී රත්නසේකර යන මහත්වරු ද බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර් ඔල්ගා මහත්මිය ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

May be an image of 2 people, people sitting, people standing and indoor
May be an image of one or more people, people standing, people sitting and indoor

RECENT ARTICLES - SINHALA

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...