30 C
Colombo
Monday, April 21, 2025

මාතර පෙහොට්ටුවේ සෙට් එක සාගරගෙන් ගේම ඉල්ලලා

- Advertisement -

මෙවර ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමටත් සාගර කාරියවසම් මහ ලේකම්වරයා ඉවත් කොට එම ධුරයට රමේෂ් පතිරණ මහතා පත් කළ යුතු බවටත් වු යෝජනා දෙක ඒකමතිකව සම්මත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) එම රැස්වීම පාලටුව එල්.එච්.කේ හෝටලයේ දී පවත්වා තිබුණා.

ඒ සදහා මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පලාත් සභා මන්ත්‍රීවරුන්,හිටපු පලාත් පාලන ආයතන නියෝජිතයින්,ඡන්ද අපේක්ෂකයින් ඇතුළු තුන්සීයකට ආසන්න පිරිසක් සහභාගී වි සිටි බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගියදා ගනු ලැබු තීරණය ප්‍රතික්ෂේප කොට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයේ දී සහාය දැක්විය යුතු බවට වු යෝජනාව අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඉදිරිපත් කර තිබුණා.

ඔහු විසින්ම ඉදිරිපත් කර තිබු අනෙක් යෝජනාව වූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ඉවත් කොට ඒ වෙනුවට අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත් කර පක්ෂය ශක්තිමත් කළ යුතු බවයි.

අදාල යෝජනා දෙකටම රැස්ව සිටි නියෝජිතයින් අත් ඔසවා ඒකමතිකව යෝජනා සභා සම්මත කර ගෙන ඇත.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

උතුරේ පාරවල් හදලා තිබුණට පාසල් දියුණු කරලා නැහැ – හරිනි

උතුරු පළාත තුළ ඇති මාර්ග නවීකරණය කර තිබූ නමුත් උතුරු පළාත තුළ තිබෙන පාසැල් තවමත් දියුණු කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මෙම...

POPULAR ARTICLES