29.7 C
Colombo
Tuesday, April 23, 2024

බිත්තර උපරිම සිල්ලර මිල වෙනස් වෙන්නෙ නෑ..! – ඇමති කියයි

- Advertisement -

බිත්තර සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිලේ කිසිදු වෙනසක් සිදු නොකරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ඒ, බිත්තරයක් රුපියල් පනහකට අලෙවි කිරීමට අමාත්‍යවරයා අවසර ලබාදුන් බවට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඊයේ (24) සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින්.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් සහ වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු අතර සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වුණා. එම සාකච්ඡාවෙන් අනතුරුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සමලේකම් දුමිෂ්ක සුබසිංහ කියා සිටියේ, රුපියල් 50කට බිත්තරයක් අලෙවි කිරීමට වෙළෙඳ අමාත්‍යවරයා අවසර ලබාදුන් බව යි.

මෙම ප්‍රකාශය අමාත්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර සිටිනවා.

එමෙන්ම, පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කරන්නන් සොයා ප්‍රදේශ කිහිපයකම වැටලීම් සිදුකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මේ අතර, තවමත් බිත්තර මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් සිටි 78 හැවිරිදි පුද්ගලයෙක් මරුට

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවේ ධනුෂ්කෝඩි වෙත පිහිනමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙසේ මියගොස් ඇත්තේ 78 හැවිරිදි වියේ පසුවූ...

ඉරානය හා ලංකාව අතර නව ගිවිසුම් 5ක්

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද අත්සන් තැබීමට නියමිතයි. මහවැලි...

නව විදුලිබල පනතෙන් වෙන හානියට ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා නඩුවක්

නව විදුලිබල පනත් කෙටුම්පත මගින් මෙරට පුරවැසියන්ට සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය ඊයේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...