33 C
Colombo
Thursday, March 28, 2024

නඩු තීන්දුවක් වාර්තා කිරීමේ මාධ්‍ය අයිතිය වැළැක්විය නොහැකියි – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

- Advertisement -

යම් නඩු කටයුත්තක අවසන් තීරණය මෙන්ම අදාළ ක්‍රියාවලිය තුළ මතුවන සියලු කරුණු වාර්තා කිරීමෙන් මාධ්‍ය වැළැක්විය නොහැකියැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(03) තීන්දු කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ එරට මැතිවරණ කොමිසම විසින් මදුරාසි මහාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි.

මදුරාසි මහාධිකරණය තමන්ට එරෙහිව ලබා දුන් තීන්දුව කිසිදු සාක්ෂියක් පදනම් කර නොගෙන ලබා දුන් තීන්දුවක් බවට ඉන්දීය මැතිවරණ කොමිසම ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වා තිබුණා.

මදුරාසි මහාධිකරණය පසුගියදා ඉන්දීය මැතිවරණ කොමිසමට එරෙහිව තීන්දුවක් දෙමින් සඳහන් කළේ කොවිඩ් 19 වසංගත තත්ත්වය තුළ මැතිවරණ ප්‍රචාරණ රැළි පැවැත්වීමට ඉඩදීම තුළින් එම කොමිසම මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ වී ඇති බවයි.

කිසිදු සාක්ෂියක් පදනම් කර නොගෙන ලබාදුන් මෙම තීන්දුවෙන් කොමිසමට විශාල හානියක් සිදුව ඇති බැවින්, මේ පිළිබඳව මාධ්‍ය විසින් වාර්තා කිරීම වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉන්දීය මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහෙත්, එහිදී මදුරාසි ශ්‍රෙෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේ යම් නඩු කටයුත්තකදී අධිකරණයක් තුළ සිදුවන ක්‍රියාවලිය පිළිබඳව ජනතාව දැනගතයුතු නිසා එවැනි නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි.

RECENT ARTICLES - SINHALA

පිටකොටුවේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආයෙත් අපි හදනවා – ප්‍රසන්න

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගැන්වීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබෙනවා. මේ සඳහා වන මූලික අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම නාගරික සංවර්ධන...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...

අද රන් මිල

පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල තරමක ඉහළ අගයක් ගනු ලැබුවා. ඒ අනුව, කැරට් 22 යි ග්‍රෑම් 8ක මිල ප්‍රමාණය අද සටහන් වූයේ...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...