24 C
Colombo
Sunday, January 19, 2025

අනුර සහ මෝදි අතර හමුව අද

- Advertisement -

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය අද (16) ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වීමට නියමිතයි.

අද පෙරවරු 10ට ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ආරම්භ වනු ඇති.

ජනාධිපතිවරයාගේ පළමු විදෙස් සංචාරය ආරම්භ කරමින් ඊයේ (15) පස්වරු 5.30ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස රැගත් ගුවන් යානය ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.

එහිදී එරට තොරතුරු හා සන්නිවේදන අමාත්‍ය ආචාර්ය එස්. මුරුගන්, ශ්‍රීලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගනු ලැබුවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතාරාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සහයෝගීතාව ඉහළ නංවා ගැනීම මෙන්ම දෙරට අතර ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන් මහත්මිය අතර පැවති හමුවේදී පුළුල් ලෙස සාකච්ඡා වී ඇති බව සඳහන්.

එසේම ඉන්දියානු සංචාරකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම, මෙරට කෘෂි නවීකරණ සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳව ද එහිදී සාකච්ඡා වී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර පැවති හමුවේ දී මෙරට ආර්ථික පුනරුදය ඇති කිරීම සඳහා ඉන්දියාවේ දැවැන්ත වෙළෙඳපොළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමුවී ඇති බව සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ මෙරට සංචාරක, ආයෝජනය සහ බලශක්ති ක්ෂේත්‍ර සඳහා සහය දැක්වීමට ඉන්දියානු රජය එකඟතාවය පළ කරන බවද ආචාර්ය එස්. ජයිශංකර් මහතා මෙහිදී පවසා ඇති බවයි.

ඉන් අනතුරුව ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග කලාපීය ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

මේ අතර අද ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවයෙන් අනතුරුව ඔහු රාජ්ගාද් හී පිහිටි මහත්මා ගාන්ධි ස්මාරකයට උපහාර දැක්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

අනතුරුව ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡා පැවැත්වෙනු ඇති.

එම සාකච්ඡා අග්‍රාමාත්‍ය නිල නිවස වෙන හයිද්‍රාබාද් හවුස් හී දී පැවැත්වීමට නියමිත අතර එහිදී අවබෝධතා ගිවිසුම්වලට එළඹීමටද, ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳවද, ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමද සිදුකිරීමට නියමිතයි.

අද පස්වරුවේ ජනාධිපතිවරයා සහ ඉන්දීය උප ජනාධිපතිරයා අතර හමුව පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති දෟපති මුර්දු මහත්මිය අතර සාකච්ඡා රාෂ්ඨපතිබවන් හී දී පැවැත්වෙනු ඇති.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES