24 C
Colombo
Tuesday, March 21, 2023

කමිටුවේ සාමාජිකයන් සුදුසුකම් ඇති අය බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි

- Advertisement -

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ මත චූදිතයන්ට නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු වෙනුවෙන් ,එම වාර්තාව අධ්‍යයනයට පත්කළ කමිටුවේ මැදිහත්වීමක් අපේක්ෂා නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නඩු පැවරීම හා විභාග කිරීම යනාදී කටයුතු සම්මත යුක්තිය පසඳලීමේ පටිපාටිය අනුව සිදුවනු ඇති අතර කොමිෂන් සභා වාර්තාවට අලුතින් නිර්දේශ ඉදිරිපත් කිරීමද එම කමිටුවේ කාර්යය භාරයක් නොවන බව‍යි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

කොමිෂන් සභා වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් අධ්‍යයනය කොට නැවත මෙවැනි විපතක් ඇතිවීම වළක්වා ගැනීමට සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීමට ක්‍රියාත්මකවිය යුතු ආකාරය වාර්තා කිරීම කමිටුවට පැවරී ඇති වගකීම බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

කෙසේවෙතත් කමිටුවේ කාර්යභාරය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සහ ගනිමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ මෙම සය පුද්ගල කමිටුවේ සාමාජිකයින් දේශපාලන පරිණතභාවය, පළපුරුද්ද හා විවිධ ක්ෂේත්‍රවල ඉහළ දැනුම වැනි සාධක පදනම් කරගනිමින් තෝරා පත්කරගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

SL passes through IMF assistance

0
The Executive Board of the International Monetary Fund (IMF) approved today a 48‑month extended arrangement under the Extended Fund Facility (EFF) with...

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.