27.8 C
Colombo
Wednesday, June 25, 2025

ආණ්ඩුවේ ඇමතිවරුන්ටත් නිල නිවාස නැහැ

- Advertisement -

කැබිනට් ඇමතිවරුන්ට නිල නිවාස ලබා නොදීමටත් නිල නිවාස අවශ්‍ය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස සංකීර්ණයේ පිහිටි නිවාස හවුලේ භාවිත කිරීමේ ක්‍රමවේදයක් ලබාදීමටත් රජය තීරණය කර ඇති බව ජ්‍යේෂ්ඨ ප්‍රකාශයෙක් පවසනවා.

එමෙන්ම මෙතෙක් මන්ත්‍රීවරුන්ට හිමි වාහන බලපත්‍රය ලබා නොදීමටත් රජයේ වාහනයක් ඔවුන්ගේ රාජකාරිය සඳහා දීමටත් තීන්දු කර ඇති අතර එම වාහන ඔවුන්ගේ මන්ත්‍රී ධූර කාලසීමාවෙන් පසු නැවත රජයට භාර දෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද ඔහු සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට ජාතික ජන බලවේගය ලබාදුන් මැතිවරණ පොරොන්දු අනුව රජය මෙම තීරණය ගෙන තිබෙනවා.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස පවා ලබා දෙන්නේ පාර්ලිමේන්තු කාලයේදී අදාළ රාජකාරී සඳහා රැඳී සිටීමට ස්ථානයක් අවශ්‍ය වීම යන පදනමින් බවයි එම ප්‍රකාශකයා පවසන්නේ.

මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස 120ක් පවතින අතර ඉන් මහජන නියෝජිතයින් වෙත ලබා දෙන්නේ 112ක් පමණයි.

එම නිවාස ලබා ගැනීමට සියයකට ආසන්න මන්ත්‍රී පිරිසක් අයදුම්පත් යොමු කර තිබූ අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හැත්තෑවකට ආසන්න පිරිසක් ඒ අතර ඇති බව පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේ අතර මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් ඉවත් නොවී තවමත් රැඳී සිටින හිටපු මන්ත්‍රීවරුන් පිරිසකට කඩිනමින් ඉවත් වන ලෙස පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දී ඇති අතර නව නිවාස වෙන් කිරීම අනිද්දා දින ආරම්භ කිරීමට නියමිතයි.

නවක මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා එම නිවාස සංකීර්ණය මේ දිනවල අලුත් වැඩියා කටයුතු කරමින් සිටිනවා.

මන්ත්‍රීවරුන්ට හිමි තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීම,මහජන නියෝජිතයන්ට සුඛෝපභෝගී වාහන ලබානොදීම, නිල නිවාස භාවිතා නොකිරීම, ජාතික ජන බලවේගය දුන් පොරොන්දු අතර ප්‍රධාන වනවා.

RECENT ARTICLES - SINHALA

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

හොරකමකට අදාල වාර්තාවක් අතුරුදහන් වෙලා

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ හම්බන්තොට වියළි කලාපීය උද්භිද උද්‍යානයේ කුරු නගුල හා තැටි නගුල සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ අභ්‍යන්තර පරීක්ෂණයේ වාර්තාව සහ පොලිස් වාර්තාව...

POPULAR ARTICLES

අනුරත් හිතවතුන්ට ආර්ථිකය හදන්න භාරදීලා – සජබෙන් විවේචනයක්

සියල්ල ස්වාධින කරන බවට පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව සියල්ල දේශපාලනීකරණය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී...

උසාවි දඩය ගෙවන්න හොර නෝට්ටුවක් දුන් කාන්තාවක් අත්අඩංගුවට

හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී ව්‍යාජ මුදල් නෝට්ටු භාවිත කර අධිකරණ දඩයක් ගෙවීමට උත්සාහ කළ කාන්තාවක් ඊයේ(24) පෙරවරුවේ හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස...

අලාභ වූ දේපොළවලට ජපුර සිසුන්ගෙන් වැඩිපුර සල්ලි අරන්

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසු ගැටුමක් හේතුවෙන් නේවාසිකාගාරයකට අලාභ හානි සිදුකළ  සිසුන් දස දෙනෙකුගෙන් අනවශ්‍ය ලෙස මුදල් අයකරගෙන ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා. එම...