උතුරු දුම්රිය මාර්ගයේ දෙවන අදියරේ සංවර්ධන කටයුතු ජනවාරි හත් වනදා ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සංවර්ධන කටයුතු සිදුකෙරෙන කාලසීමාවේදී විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි.
උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ, ඉන්දීය ඊකෝන් සමාගම මගින් ක්‍රියාත්මක කෙරුණු නවීකරණ කටයුතු සඳහා සිදුකළ ආයෝජනයෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 91.27ක්.
මහව සිට ඕමන්ත දක්වාත් අනුරාධපුරයේ සිට මහව දක්වාත් වෙන් වෙන්ව මාර්ගයේ නවීකරණය අදියර 02ක් යටතේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.
ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 2019 වසරේදී ඇරඹුණු අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා වූ දුම්රිය මාර්ග කොටස මීට මාස 05කට පෙර සම්පුර්ණයෙන්ම නවීකරණය කර අවසන් කරනු ලැබුවා.
දෙවන අදියර යටතේ මහව සිට අනුරාධපුර දක්වා කොටස සංවර්ධනය කිරීමට නියමිතයි.
ඒ අනුව ජනවාරි 07 වනදා එහි සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා.