32 C
Colombo
Saturday, April 20, 2024

මුදල් ගෙවලා නැහැ. ගුරුවරු යළි ඉවත්වෙයි

- Advertisement -

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන මධ්‍යස්ථාන තුනක ගුරුවරුන් අද (26) උත්තර පත්‍ර පරික්ෂා කරන කටයුතු වලින් ඉවත්ව තිබුණා.

ඒ අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඔවුන් හට පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමට පෙර ලබාදීමට පොරොන්දු වූ රුපියල් 15,000 දීමනාව ලබා නොදීම හේතුවෙන්.

ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය,ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය යන උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු සිදුකරන මධ්‍යස්ථාන තුනෙහි ගුරුවරුන් උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වුණා.

මේ පිළිබඳව News 19 කල විමසීමක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන ලේකම්වරයාගෙන් විමසීමක් කල ද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුනු බවයි.

RECENT ARTICLES - SINHALA

ලොරි රථයකට යටවී කාන්තාවක් මරුට

නිට්ටඹුව, වතුපිටිවල ප්‍රදේශයේ‍දී යතුරුපැදියක ගමන් කළ කාන්තාවකගේ අත්බෑගයක් ලොරි රථයක බඳේ පැටලීමෙන් සිදුවු අනතුරකින් එම කාන්තාව මියගොස් තිබෙනවා. පොලීසිය පැවසුවේ, අත්බෑගය ලොරි රථයේ බඳෙහි...

විදුලිය හා ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය සැපයීමට හෝ ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන බෙදා හැරීමට සම්බන්ධ සියලුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර...

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගැන නිවේදනයක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් 70% ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගෙන්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...