33 C
Colombo
Thursday, March 28, 2024

රාජපක්ෂ පාලන සමයේ සොරකම් කරන ලද මුදල් ඇත්තේ කොහිදැයි සොයාගත්තා – හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ

- Advertisement -

රාජපක්ෂ පාලන සමයේ වංචා කරන ලද මුදල් ඇත්තේ කොහිදැයි යන්න පිළිබඳ කරුණු යහපාලන සමයේදී සිදු කරන ලද විමර්ශනයන් වලදී අනාවරණය වූ අයුරු හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කරනවා.

Youtube නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක වෙමින් ඇය මෙම කරුණු හෙළිකළා.

ඇය සඳහන් කරන්නේ මේ පිළිබඳ තමන් හා එවක මහජන ආරක්ෂක අමාත්‍යංශය භාරව ක‍ටයුතු කළ රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සහ නිලධාරීන් පිරිසක් අතර පැවති හමුවකදී මෙම කරුණු තමන් දැනගත් බවයි.

ආන්දෝලනාත්මක මිග් යානා ගනුදෙනුවේ මුදල් සම්බන්ධයෙන්ද ඇය මෙහිදී කරුණු දක්වා තිබෙනවා.

මේ අතර ඇය නියෝජනය කරන සමගි ජන බලවේගය පක්ෂය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිබදව ද අදහස් දක්වා ඇති තලතා අතුකෝරාළ මන්ත්‍රීවරිය පවසා ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සිය නායකයා ලෙස පිළිගන්නා නමුත් ඔහු අඩුපාඩු රැසකින් යුක්ත පුද්ගලයෙකු බවයි.

වර්තමානයේ ඇතිවී තිබෙන කිසිවකට යහපාලන ආණ්ඩුව වගකිව යුතු නැති බව පෙන්වා දී ඇති මන්ත්‍රීවරිය විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවද අවධාරණය කර තිබෙනවා.

විධායක ජනාධිපති ධුරය මානසික රෝගියෙකු අතට පත් වුවහොත් අත්විය හැකි අහිතකර ප්‍රතිවිපාක සම්බන්ධයෙන් කොල්වින් ආර් ද සිල්වා මහතා මීට බොහෝ කලකට පෙර අනාවැකි පළකරමින් ප්‍රශ්න කළ අයුරු සිහිපත් කර ඇති මන්ත්‍රීවරිය කොල්වින් ආර් ද සිල්වා මහතා එදා මතුකළ ප්‍රශ්නය අද පිළිතුරු ලැබී ඇති බව සඳහන් කළේ ඔහු අනාගතය දුටු බවද පෙන්වා දෙමින් වීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

පෘථිවියේ වෙනසක් නිසා දවසෙන් තත්ත්පරයක් අඩුවෙයි?

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතිනවා. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ...

කබ්රාල්ට අල්ලස් නඩුවක්

2012 වසරේදී ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන රජයට පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...