29.1 C
Colombo
Thursday, April 25, 2024

ලෝකයේ බල සම්පන්නම නායකයා ඉන්නෙ ශ්‍රී ලංකාවේ..! – වජිර

- Advertisement -

අද වන විට ලෝකයේ බල සම්පන්නම නායකයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

ඒ, පෙරේදා (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එය දරාගන නොහැකි පුද්ගලයින් සිටිය හැකි නමුත් ඒ සඳහා කල හැක්කක් නොමැති බවයි ඔහු පවසන්නේ.

රටට අවශ්‍ය සමාජමය වෙනස සිදුකළ හැක්කේ ද රනිල් වික්‍රමසිංහ හට පමණක් බවත් වජිර අබේවර්ධන පවසනවා.

“විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බොහෝ අය ඇඟිල්ල දික්කරන්න උත්සාහ කරනවා, මර්දන කියන වචනය යොදන්න යනවා. මර්දන කියන වචනය යොදන්න සිද්ධ වෙනවා ප්‍රජාතන්ත්‍ර විරෝධී නම්. අර අරගල භූමියේ හිටපු ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රාර්ථනය මංකොල්ල කෑම නොවේ, ගිනිතැබීම නොවේ, විනාශ කිරීම නොවේ. ඒ අයගේ ප්‍රාර්ථනය සිස්ටම් චේන්ජ් එකක්, සමාජ වෙනසක්. එය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කළ හැකි බව මට ප්‍රකාශ කරන්න පුළුවන්.

ලෝක නායක ලැයිස්තුවට ඔබත් ගිහිල්ලා පර්යේෂණයක් කරන එක හොඳයි මාධ්‍ය හැටියට. ලෝක නායක ලැයිස්තුවේ දැනට සිටින ලෝකයේ බල සම්පන්නම නායකයෙක් ශ්‍රී ලංකාව පාලනය කරනවා. එය දරාගන නොහැකි පුද්ගලයින් සිටිය හැක, එයට කරන්න දෙයක් නෑ. එය ආරක්ෂා කිරීම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ යුතුකමයි. එය බලාගෙන සිටීමට නොහැකි ජාත්‍යන්තර ප්‍රජාවකුත් ලෝකයේ ඇති. ලෝක නායක ලැයිස්තුවේ ඔබ වෙන් වෙන් වශයෙන් ගිහින් බලන්න රටවල් අනුව සමීක්ෂණයක් කරලා, අද ලෝකයේ බල සම්පන්නම නායකයා ඉන්නෙ ශ්‍රී ලංකාවේ. එහෙනම් ඒ නායකයා ශ්‍රී ලංකාවේ යහපත සඳහා භාවිතා කළ යුතුයි. වැටුණු රට එතුමා ඔසවා තැබීම ගැන කිසිම සැකයක් නෑ”


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...