31.1 C
Colombo
Tuesday, July 8, 2025

පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්

- Advertisement -

ලෝහමය හැන්දක් රත් කර තම පස් හැවිරිදි දියණියගේ ශරීරයේ සිව්පොලක් පිළිස්සූ බව කියන මවක් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් ඇයව ඔක්තෝම්බර් මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

පොලීසිය පවසන්නේ, දැරියගේ ශරීරයේ දක්නට ලැබෙන පිළිස්සුම් තුවාල අඟල් දෙකක පමණ විශාලත්වයකින් යුත් බවද ඊට අමතරව දැරියගේ ශරීරය පුරා තුවාල කැලැල් විශාල සංඛ්‍යාවක් තිබූ බවයි.

දියණිය පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම නිසා එයට උරණ වූ මව දරුවාව පුළුස්සා තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලද දරුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

රත් කළ තෙල් ශරීරයට විසිවී තම දියණියගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිළිස්සී තිබෙන බව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් දරුවාගේ පියා පොලීසියට පවසා තිබෙනවා.

දියණිය පිළිස්සු බිරිඳ වෙනුවෙන් සැමියා නිතීඥයින් දෙදෙනෙකු මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව පොලීසිය පවසනවා.

සැකකාර කාන්තාව මහනුවර නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

සුරාබදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරයෙක්

නව සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ පේමරත්න මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. මුදල්, ක්‍රමසම්පාදන සහ...

සංස්කෘතික අරමුදලින් ගසා කෑ අයට වැඩ වරදී

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. 2017 සිට 2020 දක්වා කාලයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ කටයුතු ගැන...

කොටහේන දැරියගේ මරණය;CCTV දර්ශන ඔස්සේ විමර්ශන

කොටහේන ප්‍රදේශයේදී ඉකුත්දා ගොඩනැඟිල්ලකින් පැන සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසැල් ගුරුවරයා රාජකාරි කළ පාසලේ සී.සී.ටි.වි දර්ශන සම්බන්ධයෙන් පූර්ණ...

POPULAR ARTICLES