32 C
Colombo
Sunday, June 4, 2023

ජීවිත පූජාවෙන් බේරගත්තු මාතෘභූමිය විදේශිකයන්ට කැබලි කර විකුණනවා

- Advertisement -

ජීවිත පූජාවෙන් රැකගත් මාතෘභූමිය කැබලි කර විදේශිකයන්ට විකිණීමේ ක්‍රියාවලියක් රජය විසින් අරඹා ඇති බව හිටපු හමුදාපති, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඒ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“මේ මාතෘභූමියට තියෙන අවදානම. කුඩා රටක් අපිට තියෙන්නේ. මේ රට අපි අතීතයේ ඉඳලා අවුරුදු 2000ක් පණවගේ ආරක්ෂා කරගත්තා ජීවිත පූජා කරලා. නමුත් මේ රජය විසින් මේ භූමිය කෑලි වලට කඩමින්, විදේශිකයන්ට විකුණමින්, කොමිස් ගසමින් කාලය ගත කරන බව අපිට පේනවා” යැයි ඒ මහතා පවසයි.

කොළඹ අගනුවරින් 50%ක් පමණ විදේශිකයන්ට විකිණීමට මේ වන විටත් සැලසුම් නිර්මාණය කර අවසන් බවත් මේ වන විට මාතෘභූමියට මේ හරහා තර්ජනයක් ඇතිවී ඇති බවත් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙනවා.

මේ වන විට මෙරට සාගර කලාපයද අනතුරකට මුහුණ දී ඇති බවත් පසුගිය කාලයේදී සිදුවූ නැව් ගිණිගැණීම් කිසියම් සැලසුමකට සිදුව ඇතිබව නිගමනය කළ හැකි බව පවසන හිටපු හමුදාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඒ හරහා ලැබෙන වන්දි සම්බන්ධව විනිවිදබවක්ද නොමැති බවයි.

RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.

Khalid and Salama to visit SL today

0
Khalid Al Ameri, a renowned Emirati blogger, columnist, and motivational speaker, is making headlines once again with his upcoming trip to Sri...