31 C
Colombo
Wednesday, March 19, 2025

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

- Advertisement -

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා.

එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු පෙනී සිට ඇත්තේ ‘කොඩිකාර කසුන් ප්‍රභාත් නිස්සංක’ නමින්.

අලුත්කඩේ මහේස්ත්‍රාත් සංකීර්ණය තුළදී ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පුත්තලම පාලවිය ප්‍රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගැනුණේ වයස අවුරුදු 34ක් වූ මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමැති පුද්ගලයෙක්.

මොහු 2015 වසරේදී යුද හමුදා සේවයෙන් පළා ගොස් ඇති අතර පොදු සමාව ලබා දුන් කාලයේදී හමුදා සේවයෙන් ඉවත්වී ඇති බවද පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෑත කාලයේදී වෙඩි තැබීම් සිදුවීම් 7කට මෙම පුද්ගලයා සම්බන්ධ වී ඇති බවද වාර්තා වෙනවා.

නඩු කටයුත්තක් සඳහා ගණේමුල්ලේ සංජීව අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණය වෙත ගෙන ආ අතර එහිදී සිදුවූ වෙඩි තැබීමකින් ඔහු ඝාතනයට ලක් වුණා.

RECENT ARTICLES - SINHALA

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්විමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

POPULAR ARTICLES

දේශබන්දුගේ රිට් පෙත්සමේ නියෝගය අද

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ නියෝගය අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද...

දේශබන්දුගේ නිවසේ විස්කි බෝතල් ගබඩාවක්

අධිකරණ නියෝගයක් මත ධූරයේ වැඩඅත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය - හෝකන්දර නිවෙසේ තිබී විදෙස් මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ...

හොරට විශ්‍රාම වැටුප ගත් අයෙක් අත්අඩංගුට

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසනවා. පොලීසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන...