25 C
Colombo
Thursday, April 18, 2024

දරුවන් මියයන අභිරහස් උණක් නිසා ඉන්දියාව ආපහු බියෙන්

- Advertisement -

සතියකට වැඩි කාලයක සිට උතුරු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සමහර දිස්ත්‍රික්කවල ළමයින් අතර අභිරහස් උණක් පැතිරයන බව BBC පුවත් සේවය වාර්තා කර තිබේ.

මෙම උණ රෝගය වැළඳුණු දරුවන් දැඩි උණ සහ නින්දෙන් අවදිවන විට දහඩියෙන් තෙත් වී සිටින බව දරුවන්ගේ දෙමව්පියන් මාධ්‍ය වෙත පවසා ඇත.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සන්ධි වේදනාව, හිසරදය, විජලනය සහ ඔක්කාරය යන රෝග ලක්ෂණවලින් පෙළෙන බව සඳහන් වේ.

සමහර අවස්ථාවලදී කකුල් සහ අත් හරහා දද කුෂ්ඨ වැනි තත්ත්වයන ද වාර්තා වී තිබේ.

ප්‍රාන්තයේ නැගෙනහිර කොටසේ දිස්ත්‍රික්ක හයක අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මෙම උණ රෝගය හේතුවෙන් මිය ගොස් ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් දරුවන් බවයි වාර්තා වන්නේ.

තවත් සිය ගණනක් රෝහල් ගත කර ඇත.මියගිය කිසිවෙක් කොවිඩ්-19 ආසාධනය වී නොමැති බව ද තහවුරු කරගෙන තිබේ.

මාරාන්තික දෙවන කොවිඩ්-19 රැල්ලෙන් ඉන්දියාව සෙමෙන් සුවය ලබන බවක් පෙනෙන්නට තිබෙන අවස්ථාවක, ඉන්දියාවේ වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ් හි ගම්බද ප්‍රදේශයන් හරහා පැතිර යන “අභිරහස් උණ” ගැන නැවත වතාවක් ඉන්දියාව බියෙන් සැලී ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිට මුදාගැණුනු ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 8 දෙනා අද (18) දිවයිනට රැගෙන ඒමට නියමිතයි. ඒ, උදෑසන 9.35ට ශ්‍රීලංකන්...

ගිලී යමින් තිබූ නැවක සිටි ශ්‍රී ලාංකිකන් 21ක් බේරා ගනී

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වු බව විදෙස් මාධ්‍ය වාර්තා...

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...