27 C
Colombo
Friday, April 19, 2024

අමාත්‍ය ලොහාන් රත්වත්තේ සමඟ එල්ලුම් ගහ බැලීමට ගිය රූ රැජිණගේ නම හෙළිවෙයි (වීඩියෝ)

- Advertisement -

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමගින් පසුගිය 12 වනදා වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගහ බැලීමට බලහත්කාරයෙන් බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළුවූ කණ්ඩායම අතර සිටි රූ රැජිණක් පිළිබදව පසුගිය දින කිහිපයේ මාධ්‍ය විසින් තොරතුරු අනාවරණය කළා.

කෙසේ වෙතත් ඇයගේ නම පිළිබදව සදහන් නොවූවද අද (15) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඇයගේ නම හෙළිදරව් කළා.

ඔහු පවසන්නේ ආන්දෝලනාත්මක විවාහක රූ රැජිණ තරඟාවලියේදී වැඩි කතාබහකට ලක්වූ පසුව විවාහක රූ රැජිණ ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මිය රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සමඟ එදින වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු බන්ධනාගාරය තුළ ඇති ආරක්ෂිත කැමරා දර්ශන මගින් ඉදිරියේදී අනාවරණය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.


RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...