28 C
Colombo
Friday, July 19, 2024

අධ්‍යාපනයි සෞඛ්‍යයි රකින්න එන අලුත් නීතිය

- Advertisement -

පාසල් පැවැත්වෙන කාලසීමාවන්වල දී ඉගැන්වීමේ කටයුතුවලට බාධාවන් සිදුවන අයුරින් සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් විසින් සිදුකරනු ලබන බලපෑම් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඒ අනුව එවැනි අනීතික ක්‍රියා මගින් පාසල් සිසු දරුවන්ට සහ රෝගීන්ට සිදු කරනු ලබන අසාධාරණයන් වැළැක්වීම පිණිස නව නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර අමාත්‍ය මණ්ඩලය විසින් ගැනීමට තීරණය කර තිබෙන බව අමාත්‍යවරයා පවසා සිටියා.

මේ සඳහා වන නව නීතිය සම්පාදනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම සඳහා නීති කටයුතු පිළිබඳ විෂය පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට බලය පවරා ඇති බවත් ඔහු සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ගැබිනි මව්වරු සහ කුඩා දරුවන්ගේ සෞඛ්‍ය ගැන හෙළිදරව්වක්

පසුගිය වසර 10ක කාලය තුළ ගර්භිණී මව්වරුන් සහ කුඩා දරුවන් දියවැඩියාව සඳහා ගොදුරුවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදී තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ දියවැඩියාව...

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (19) උදෑසන උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා. විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ...

ලංකාවේ කුකුළුමස් චීනයට යවන්න අවසර

මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක චීන රජය විසින්  ඉවත් කර තිබෙනවා. කෘෂිකර්ම හා...

POPULAR ARTICLES

සඳුදා යළිත් පාසැල් වැසෙන ලකුණු

සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඒ අනුව, ඔවුන් සඳහන් කළේ ලබන සඳුදා (22)...

මුද්‍රිත විදුලි බිල්පත අනිවාර්යයි

පාරිභෝගිකයන් ඉල්ලා සිටින විට මුද්‍රිත විදුලි බිල්පතක් නිකුත් කිරීම අනිවාර්ය බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව විදුලි ගාස්තු සංශෝධනයත් සමග ශ්‍රී ලංකා...

මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නෙවෙයි – සනත් නිශාන්තගේ බිරිඳ(වීඩියෝ)

රටේ තිබු යුද්ධය නැති කළ නායකයා මහින්ද රාජපක්ෂ මිස වෙන ගොනෙක් නොවන බව සනත් නිශාන්ත මහතාගේ බිරිඳ චමරි ප්‍රියංකා මහත්මිය පවසනවා. ඇය මේබව කියා සිටියේ...