28.4 C
Colombo
Wednesday, July 9, 2025

නව ජනපති ජාතිය අමතා කළ මංගල කතාව (වීඩියෝ)

- Advertisement -

09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ධුරයේ දිවුරුම් දුන්නා.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දීයි .

නව ජනපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් සිය මංගල කතාව සිදු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මේ වන විට යහපත් දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයක් මතු වී තිබෙන බවයි.

දේශපාලනය සහ දේශපාලනඥයින් පිළිබඳ පොදු පුරවැසියා තුළ ඇති අයහපත් අදහස, වෙනස් කරමින් මහජනයාගේ ගෞරවය හා විශ්වාසය දිනා ගැනීම සඳහා සිය පාර්ශවයෙන් උපරිම ලෙස උත්සාහ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පවසා සිටියා.

” අපට ලැබෙන මේ ගැඹුරුතම අර්බුදය හුදු ආණ්ඩුවකට ,හුදු දේශපාලන පක්ෂයකට, හුදු පුද්ගලයෙකුට පමණක් පිටමං කළ හැකි දෙයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මම මීට පෙරත් කියලා තියෙනවා, මම ඉන්ද්‍රජාලිකයෙක් නොවේ, මම මැජික්කරුවෙක් නොවේ, මා මේ රටේ ඉපදුණ සාමාන්‍ය පුරවැසියෙක්, හැකියාවන් තියෙනවා නොහැකියාවන් තියෙනවා , හැබැයි මගේ ප්‍රමුඛතම කාර්යය හැකියාවන් උරාගෙන දන්න දේ එක් රැස් කරගෙන වඩාත් හොඳ තීන්දු තීරණ ගැනීම සඳහා මේ රට මෙහෙයවීමයි”

RECENT ARTICLES - SINHALA

කඳානේ වෙඩි තැබිමට දෙදෙනෙක් අත්අඩංගුවට

කඳාන, පොදු වෙළෙඳසැල අසලදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට...

ඉන්ධන බෙදා හැරීම ගජමිතුරන්ට;බවුසර් රථ හිමිකරුවන්

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වෙනත් පාර්ශවයක් වෙත අත්තනෝමතික ලෙස ලබාදීමට පියවර ගනිමින් සිටින් බව එක්සත් ලංකා ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ...

ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ ගංවතුර තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ තවත් පුද්ගලයින් 161 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. මියගිය...

POPULAR ARTICLES