33 C
Colombo
Thursday, March 28, 2024

කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20%කින් ඉහළට..!

- Advertisement -

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15% – 20% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.

එබැවින් ජනතාව මේ මොහොතේදී අයුතු ලෙස ඒකරාශීවීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් බව‍යි ඒ මහතා අවධාරණය කර සිටින්නේ.

රෝහල්වලට දැනට ඇතුළත් කරනු ලැබ සිටින රෝගීන් සංඛ්‍යාව 7010ක් වන අතර රෝහල්වල දැනට ඔක්සිජන් මත යැපෙන රෝගීන් 105 ක් සිටින අතර දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 55 ක්වනවා. ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව කොවිඩ් තෙවැනි රැල්ල අවසානයේ 1038ක් දක්වා ඉහළ ගිය අතර දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබූ රෝගීන් සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගොස් තිබුණා.

කෙසේ වෙතත්, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සහ දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව මේ වනවිට යම් පහළ මට්ටමක පවත්වාගෙන යෑමට හැකිවී ඇත්තේ එන්නත්කරණයේ බලපෑම නිසා හෙයින් එන්නත්කරණයට වැඩි වැඩියෙන් යොමු වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි අන්වර් හම්දානි මහතා පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

ෆෝන් එකට එන කාර්ගිල්ස් පණිවුඩය ගැන නිවේදනයක්

උත්සව සමයේදී ත්‍යාග ලබා දෙන බව පවසමින් Cargills FoodCity ආයතනයේ වෙළඳ නාමය යොදාගෙන සිදු කෙරෙන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙනවා. ජංගම දුරකථනවලට කෙටි පණිවිඩයක් වශයෙන්...

රජිව් ගාන්ධි ඝාතකයන් 03ක් ශ්‍රී ලංකාවට පිටුවහල් කරලා

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වැරදිකරුවන් තිදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා. රජිව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ ශ්‍රීහරන් හෙවත් මුරුගන්,...

ආමර් වීදීයේ ටයර් කඩයක ගින්නක්

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් කඩයක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක්...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

අවුරුද්දට කලින් මත්පැන් මිලේ වෙනසක්?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා බදුල්ල...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...