පසුගිය දින කිහිපයේ සිට මේ දක්වා යාපනය දිස්ත්‍රික්කයේ මී උණ රෝගීන් 87 දෙනෙක් වාර්තා වී ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීශ්වරන් පවසනවා.
සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ ඉන් වැඩිම රෝගීන් පිරිසක් පේදුරුතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ, දැනට පේදුරුතුඩුව රෝහල තුළ නේවාසිකව මී උණ රෝගීන් 21 දෙනෙකු ප්‍රතිකාර ලබා බවත්, යාපනය රෝහල තුළ නේවාසිකව රෝගීන් 11 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.
සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසුවේ යාපනය දිස්ත්‍රික්කය තුළ කිසියම් උණ රෝගී ලක්ෂණයක් පවතින අයෙක් සිටී නම් වහාම රජයේ රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.
හැකි සෑම අවස්ථාවකම උණුකර නිවන ලද ජලය පානය කරන ලෙසත්, පවතින රෝගී තත්ත්වයන්ට නිසි වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගන්නා ලෙසට ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ මී උණ රෝගී මරණ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.