28 C
Colombo
Thursday, April 25, 2024

හෙද වර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

- Advertisement -

හෙද වෘත්තිය සමිති කිහිපයක් දිවයින පුරා රෝහල්වල ආරම්භ කර ඇති හෙද වැඩවර්ජනය අද (02) දෙවන දිනටත් ක්‍රියාත්මක කෙරෙනවා.

ඊයේ දිනයේ ආරම්භ කෙරුණු මෙම වර්ජනයට බලධාරින් විසින් මේ වන තෙක්ම නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද දිනයේ ද වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට බාධාවක් නොවන අයුරින් එම වර්ජනය සිදුකරන බවයි.

වර්ජනයට හේතු ලෙස,

• හෙද නිලධාරින් වසර පහෙන් පහට ශ්‍රේණිගත උසස්වීම් ලබාදීම

• දින 6ක සේවා සතිය වෙනුවට රජයේ අනෙකුත් සේවකයින්ට මෙන් දින 5ක සේවා සතියක් ලබාගැනීම.

• කොවිඩ් වසංගතය හමුවේ හෙද නිලධාරීන් මුහුණ පා ඇති ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම.

ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත්.

ඊයේ දිනයේ ක්‍රියාත්මක වර්ජනය නිසා දිවයින පුරා රෝහල්වල වැඩකටයුතු අඩාලවී තිබුණා.

බාහිර රෝගි ප්‍රතිකාර සේවා මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගී සේවාවල කටයුතුවලටද බාධා එල්ලවූ අතර මේ නිසා රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටියා.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...