32 C
Colombo
Saturday, April 20, 2024

සතොසේ වංචා හෙළිකළ නිලධාරියාට මිනීමැරුම් විමර්ශන අංශයෙන් කැඳවීමක්

- Advertisement -

සතොස ආයතනයේ සිදුව ඇති වංචා හෙළිකළ පාරිභෝගි කටයුතු පිළිබද අධිකාරියේ හිටපු අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතාව අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

එහි ඇති විශේෂත්වය නම් එම දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් අදාළ කැඳවීම සිදුකර තිබීමයි.

ඒ අනුව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පොලිස්පතිවරයා වෙත සිදුකර ඇති පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශනය කරන බව තුෂාන් ගුණවර්ධන මහතාට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව තුෂාන් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් සිදුකරගෙන යන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහා අද ඔහුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයට කැඳවා තිබුණා.


RECENT ARTICLES - SINHALA

නැවෙන් එන සංචාරකයින්ට ඔන්ලයින් වීසා

නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.   එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන...

විශේෂඥ වෛද්‍යවරු 350ක් රට හැර ගිහින්

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇති බවට පුවතක් ‘ලංකාදීප’...

ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය අතරතුර පුද්ගලයෙක් ගිනිතබා ගනී

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින්...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

ඊශ්‍රායලයෙන් ඉවත් වෙන්නැයි ඕස්ට්‍රේලියානුවන්ට නිවේදනයක්

ඉරානය වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමඟ ඊශ්‍රායලයේ වෙසෙන සිය වැසියන්ට එරටින් ඉවත් වෙන ලෙස ඕස්ට්‍රේලියාව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඊශ්‍රාලයෙන් ඉවත් වීම...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...