සීතා ඇතින්නට වෙඩි තැබූ නිලධාරියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මාපාකඩ වැව වනජීවී ප්‍රාදේශීය කාර්යාලයට අනියුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරියකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
මහියංගණ පෙරහරට සහභාගී වීමට පැමිණ සිටි සීතා ඇතින්නට අද (30) අලුයම 03.30ට පමණ වනජීවී නිලධාරියෙකු විසින් වෙඩි තබා තිබුණා.
වන අලියකු යැයි සිතා මෙලෙස සීතා ඇතින්නට වෙඩි තබා ඇති බව සඳහන්.
වෙඩි වැදුණු ඇතින්නට මේ වන විට ප්‍රතිකාර සිදු කරන බවද වාර්තා වෙනවා.