30.3 C
Colombo
Thursday, April 25, 2024

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්

- Advertisement -

පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙනවා.

2018 වසරේ මාර්තු 20 වනදා සිට වසර හතරක කාලයක් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වුවද පසුගිය වසරේ පැවැති තත්ත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කෙරුණා.

කෙසේ වුවත් පළාත් පාලන ආයතන නීතියට අනුව අද දිනයට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයන් පත් කර ගත යුතුව තිබුණා.

එහෙත් ඡන්ද විමසීම එම දිනට පෙර පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය (19) අද මධ්‍යම රාත්‍රියෙන් පසු අවසන් වෙනවා.

මේ අනුව මහ නගර සභා 29හි බලය නාගරික කොමසාරිස්වරුන්ට ද, නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275හි බලය එම ආයතනවල ලේකම්වරුන්ට ද පැවරීමට නියමිතයි.

කෙසේ වෙතත් ප්‍රමාද වී පිහිටවූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පමණක් නිල කාලය තවදුරටත් ක්‍රියාත්මක පවතිනවා.

මේ අතර නිල කාලය අවසන් වීම හේතුවෙන් සියළුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් සහ මන්ත්‍රීවරුන් භාවිත කරන වාහන ඇතුළු රජයේ දේපල යළි රජයට භාර දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ITC Ratnadipa අද විවෘත කෙරේ

ගාලුමුවදොර අලංකාරය තවත් වැඩි කරන ITC රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය අද (25) විවෘත කෙරෙනවා. ඩොලර් මිලියන 300 ක ඉන්දියානු ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක මෙම...

දකුණේ දේශපාලකයෙක් කොරියාවට යවනවා කියලා කෝටි 3 ක් අරන්

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා තිස්සමහරාමයේ දේශපාලනඥයෙකු විසින් තරුණයින් පන්සියයකට පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබෙන බවට වාර්තා වනවා. ඒ සඳහා කොළඹ...

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...