28 C
Colombo
Saturday, April 19, 2025

සා.පෙළ දිවයිනේ පළමු 10 දෙනා අතරට ආ එකම සිසුවා

- Advertisement -

මෙවර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු දසදෙනා අතර සිටින්නේ එක් සිසුවෙකු පමණි

මෙලෙස 10 දෙනා අතර සිටින එකම සිසුවා වන්නට වරම් ලැබුවේ මාතර රාහුල විද්‍යාලයේ ඉගෙනුම ලබන සකුණ සදීශාන් සමරවික්‍රම සිසුවායි.

සකුණ පාසලේ ශිෂ්‍ය නායකයෙකු ලෙසත්, කැඩෙට් කණ්ඩායමේ හා බාලදක්ෂ කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන අතර විද්‍යාලයේ වෙස් නැටුම් කණ්ඩායමේ ද නිත්‍ය සාමාජිකයෙකුද වනවා.

සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදී සකුණ ඩෙංගු රෝගය වැලඳී මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා තිබෙන අතර වෛද්‍යවරුන්ගේ උපදෙස් මත විභාගයට පෙර දිනයේ නිවසට පැමිණ විභාගයට මුහුණදීමට කටයුතු කර තිබුණා.

මේ වන විට ඔහු ජීවවිද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරමින් සිටිනවා.

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේදී නිකුත් කෙරුණු අතර දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකරගනු ලැබුවේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල්ෂා කුමාරතුංග සිසුවියයි.

දෙවන ස්ථානය සිසුවියන් දෙදෙනකු හිමිකරගෙන තිබුණා.

ඉන් එක් සිසුවියක් වන්නේ කොළඹ 7 මියුසියස් විද්‍යාලයේ ඉගෙනුම ලබන කුලුනි මෙත්සලාය.

අනෙක් සිසුවිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමන්සා ජයනදී රත්නවීර සිසුවියයි.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුසිසුවියන් 13,309 දෙනකු A සාමාර්ථ්‍ය 9 ම ලබාගෙන ඇති බවයි.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටි ඇති අතර ඉන් 387, 648 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර 65,331 දෙනෙකු පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිට තිබුණා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...